සත්‍යයේ පුවත් අඩහැරය….

රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් තවත් විනිසුරුවරයෙකු ඉවත් වෙයි..

Podu Jana Peramunaතමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් යන මහත්වරුන් විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බලන විනිසුරු මඩුල්ලෙන් තවත් විනිසුරුවරයෙකු ඉවත් වී තිබෙන බව වාර්තා වේ. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්.තුරයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම් අද දින කැඳවන ලද අවස්ථාවේ පුද්ගලික හේතුවක් නිසා මෙම පෙත්සම සලකා බැලීමෙන් තමන් ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විවෘත අධිකරණයේ සඳහන් කරන ලදී.

ඒ අනුව පෙත්සම සලකා බැලීම ලබන 11 වනදා තෙක් කල්තබන ලදී.

මෙම පෙත්සම් සලකා බැලීම සඳහා මීට පෙර පත්කරන ලද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන්ව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ද පුද්ගලික හේතුවක් මත ඉන් ඉවත් විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට