ඉන්දියාව සමඟ පළමු විස්සයි විස්ස තරඟය අද කොළඹදී..
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟවලියේ පළමු තරඟය අද (25) කොළඹදී පැවැත්වේ. කොළඹ, ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 08.00 ට මෙම තරඟය පැවැත්වීමට කටයුතු යොදා ඇත.