සත්‍යයේ පුවත් අඩහැරය….

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 07ක් අද දිවයිනට ..

Podu Jana Peramunaඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සඳහා අවශ්‍ය එන්නත් තොග අද දිනයේ මෙරටට ලැබීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. ඒ අනුව එන්නත් මාත්‍රා ලක්ෂ 7 ක් මෙරටට ලැබීමට නියමිතව ඇත. මෙරට ජනතාවට පළමුවෙන් ලබාදුන්නේ ඇස්ට්‍රාසෙනිකා එන්නත වේ. එහි පළමු මාත්‍රාව පුද්ගලයින් නව ලක්ෂ 25,242 දෙදෙනෙකුට ලබාදී ඇති අතර  එහි දෙවන මාත්‍රාව ලබා දී ඇත්තේ පුද්ගලයින් තුන් ලක්ෂ 85,885 දෙනෙකුට පමණ වේ. ඒ අනුව තවත් පුද්ගලයින් පන් ලක්ෂ 39,357 දෙනෙකුට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට නියමිතව ඇත. යුද හමුදාපතිවරයා පැවසුවේ අද ලැබෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය මෙම පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබාදීමට යොදා ගන්නා බවයි. එම කටයුතු යුද්ධ හමුදාවේ මැදිහත්වීමෙන් හෙට සිට සිදු කිරීමට නියමිතව ඇත. ඉතිරි එන්නත් මාත්‍රා ප්‍රමාණය කෑගල්ල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ලබාදීමට තීරණය කර ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට