සත්‍යයේ පුවත් අඩහැරය….

රුපියල දිනෙන් දින පහළට, රටේ ආර්ථිකය අර්බුදයකට ලක්වී ජනතාව දැඩි පීඩාවකට පත්වේවි – පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන

 /><span style=වත්මන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, පසුගිය දිනක මාධ්‍ය හමුවකදී රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශ රටේ ජනාධිපතිවරයා, පාලානාධිකාරිය සහ සමස්ත ජනතාව නොමග යවනසුළු බවත් එම ප්‍රකාශ තරයේ හෙළා දකින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියි. බන්දුල ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කරන ලද්දේ ඊයේ (19) බොරැල්ල වජිරාශ්‍රම විහාරස්ථානයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

සිය අදහස් දක්වමින් බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසා සිටින ලද්දේ යුදමය වාතාවරණය, ලෝක ආහාර සහ තෙල් අර්බුදය, සුනාමි ව්‍යවසනය ඇතුළු ප්‍රධාන ගැටළු 7 ක් රටට බලපා තිබියදීත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී රට සංවර්ධනය කරා ගෙන ගිය බවයි. වත්මන් ආණ්ඩුව රට ඉදිරියට ගෙන යාම සදහා එවන් වාතාවරණයක් ගොඩ නගා දී ඇත්තේද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් බවත් ඉතිහාසයේ පැවැති ආණ්ඩු වලට සාපේක්ෂව වත්මන් ආණ්ඩුවට රටේ ආර්ථිකය හෝ ස්ථාවර කර ගැනීමට නොහැකි වී ඇති බවත් බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

දිනෙන් දින රුපියලේ අගය අවප්‍රමාණය වන ආකාරයට ඉදිරියේදී රටතුළ දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇතිවනු ඇති බවත් ජනතාව දැඩි පීඩාවකට පත්වනු ඇති බවත් බන්දුල ගුණවර්ධන මහතා තවදුරටත් පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට