සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට සියළු පාර්ශවයන්ගේ සහාය අවශ්‍යයි – අලුත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරය

 /><span style=2015 ජනවාරි 08 වනදා බිහිකරගන්නා ලද සම්මුතිවාදී අාණ්ඩුව විසින්, විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම අැතුළු රටට හිතකර තීන්දු තීරණ රැසක් ගැනීමට පොරොන්දුවූ අතර නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා අදාළ කටයුතු සිදු කළයුතු බවත් ඒ සදහා සියළු පාර්ශවයන්ගේ සහාය අවශ්‍යය බවත් අලුත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. ඊයේ (27) පිටකෝට්ටේ සෝලිස් හෝටලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ අලුත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරයේ සාමාජික සමන් රත්නප්‍රිය මහතා විසිනි.

මෙහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් දමිළ ජනතාව මුහුණ දී අැති ගැටළු සදහාද විසදුම් තිබෙන බවයි. නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රටේ සමස්ත ජනතාව දැනුවත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ඒ සදහා ලබන මාර්තු මස 15 වනදා කොළඹදී සම්මන්ත්‍රණයක් පවත්වන බවත් සමන් රත්නප්‍රිය මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා අලුත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරයේ සාමාජිකයින් වන පූජ්‍ය දඹර අමිල හිමි, මහාචාර්ය සරත් විජේසූරිය, ගාමිණි වියන්ගොඩ, බ්‍රිටෝ ප්‍රනාන්දු, නීතිඥ සුදර්ශන ගුණවර්ධන යන මහ්තවරුන් සහ කලාකරුවන් අැතුළු පිරිසක් සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට