නව ජනාධිපති ලේකම් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු පත්වේ….
පුද්ගලික හේතුවක් මත ජනාධිපති ලේකම් ධුරයේ කටයුතු කල පී.බී අබේකෝන් ඊයේ (30) දින එම ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් එම තනතුරේ පුරප්පාඩුව සදහා ජනාධිපතිවරයා විසින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාව පත් කර ඇත. ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා මීට පෙර ආරක්ෂක ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇත.