අවිස්සාවේල්ලේදී දුම්රිය දෙකක් ගැටීම, දුම්රිය සේවකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම්..
අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයේදී ඊයේ (22) රාත්‍රියේ බලවේග දුමරිය කට්ටල දෙකක් එකිනෙක ගැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහ තවත් සේවකයෙකුගේ සේවය මේ වනවිට අත්හිටුවා ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.