සාකච්ඡා සාර්ථකයි, ජ’පුර රෝහල් වර්ජනය අවසන්..
රාජකාරියට වාර්තා කිරීමේදී ඇගිලි සලකුණු යන්ත්‍ර යොදා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද හෙදියන් විසින් දින 09 ක් පුරා ක්‍රියාත්මක කරන ලද වර්ජනය ඊයේ (12) අවසන් කරන ලදී. අදාළ ගැටළු සම්බන්ධයෙන් බලධාරීන් සමග ඊයේ පැවති තීරණාත්මක සාකච්ඡාවෙන් පසු වර්ජනය අවසන් කිරීමට රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමය පවසා සිටියි. ඒ අනුව අද (13) සිට රාජකාරියට වාර්තා කරන බවද එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි.