මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස යළි දිවයිනට..
සංචාරයක් සදහා ඉන්දියාව බලා පිටත්වූ හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු නියෝජිත පිරිස අද (13) යළි මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. “ද හින්දු” පුවත්පත විසින් සංවිධානය කරන ලද “බැංගලෝර් සමුළුව” සඳහා සහභාගීවීමට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ඉන්දියාව බලාපිටත්ව ගියේ පසුගිය 08 වැනිදායි. මෙම පිරිස අද දහවල් 12.10 ට පමණ ඉන්දියාවේ හයිද්‍රාබාද් සිට පැමිණි ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇත.