තවත් ගම්මාන දෙකක් කොරෝනා නිසා හුදෙකලා කෙරේ…
යලි කොරෝනා රෝගීන් 08 දෙනෙක් වාර්තා වීමත් සමඟ නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 218 ක් දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේය. බේරුවල පන්විල සහ චීන කොරටුව යන ගම්මාන 02 ද කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වීම හේතුවෙන් හුදකලා කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.