සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අද සිට ඇදිරි නීතිය ලිහිල් කරයි ..

Podu Jana Peramunaදිවයිනට පනවා ඇති ඇඳිරි නීතිය අද (20) සිට අදියර කිහිපයක් යටතේ ලිහිල් කර ඇත. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර, කෑගල්ල, අම්පාර යන දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්ක 18 තුළ ක්‍රියාත්මක ඇදිරි නීතිය අද අළුයම 05.00ට තාවතාලිකව ඉවත් කර ඇත. අද රාත්‍රී 08.00 සිට එම දිස්ත්‍රික්ක වලට යලි ඇදිරි නීතිය පැනවෙන අතර ඉන්පසු සෑම දිනකම රාත්‍රී 08.00 සිට පසු දින අළුයම 05.00 දක්වා ඇදිරි නීතිය ක්‍රියාත්මක වන බවයි රජය පවසයි. මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවලට අයත් අලවතුගොඩ, අකුරණ, වරකාපොල සහ අක්කරෙයිපත්තුව යන පොලිස් බල ප්‍රදේශ හැරුණු විට එම දිස්ත්‍රික්ක තුනට අයත් සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇදිරි නීතිය ද අද අළුයම 05.00ට ඉවත් කෙරෙන අතර ඉන්පසු සෑම දිනකම රාත්‍රී 08.00 සිට පසු දින අළුයම 05.00 දක්වා ඇදිරි නීතිය ක්‍රියාත්මකයි. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, යන දිස්ත්‍රික්ක වල පොලිස් බල ප්‍රදේශ 21ක් හැරුණු විට එම දිස්ත්‍රික්ක වල සෙසු  පොලිස් බල ප්‍රදේශවල ඇදිරි නිතීයද 22 වන බදාදා දිනයේ සිට සෑම දිනකම උදෑසන 05.00ට ඉවත් කර රාත්‍රි 08.00 සිට යලි ක්‍රියාත්මක කිරිමට නියමිතයි. කොටහේන, ග්‍රෑඩ්න්පාස්, බම්බලපිටිය, කෙසෙල්වත්ත, මරදාන, ගොතටුව, මුල්ලේරිය, වැල්ලම්පිටිය, ගල්කිස්ස, දෙහිවල, කොහුවල ජඇල, කොච්චිකඩේ, සීදුව, පුත්තලම, මාරවිල, වෙන්නපුව, බණ්ඩාරගම, පයාගල, බේරුවල සහ අළුත්ගම යන පොලිස් බල ප්‍රදේශවලට ඇදිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට