සත්‍යයේ පුවත් අඩහැරය….

ආරක්ෂක අංශ නිල ඇඳුමින් සිට රඟපෑමට අනුමැතිය අවශ්‍යයි..

cameramanආරක්ෂක අංශයේ නිල ඇඳුම් වලින් චිත්‍රපට හා ටෙලි නාට්‍ය දර්ශන වල නියලීමට ආරක්ෂක අංශයේ අනුමැතිය ගත යුතු බව ආරක්ෂම අංශය පවසයි. ත්‍රිවිධ හමුදාව, පොලිසිය මෙන්ම සිවිල් ආරක්ෂක අංශයේ නිල ඇඳුම් භාවිතා කරන විට මෙම අනුමැතිය ලබා ගත යුතුය. තවද ආරක්ෂක අංශ වල නිලධාරීන් ද එවැනි චිත්‍රපට හා ටෙලි නාට්‍ය දර්ශන වලට පෙනී සිටින්නේ නම් ඒ සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ලබා ගත යුතුය.

EPF/ETF කොල්ලකන රාජපක්ෂ ආණ්ඩුව ග්‍රැටිවිටියටත් අත ගසයි – වසන්ත සමරසිංහ

රාජපක්ෂ ආණ්ඩුව ග්‍රැටිවිටියටත් අත ගසයිඊයේ පුස්තකාල ප්‍රලේඛනාගාරයේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූ වෘත්තීය සමිති නියෝජිතයින් පැවසුවේ  රජය විශ්‍රාම වැටුපක් ගෙවනවා යැයි පවසමින් පෞද්ගලික හා වතු අංශයේ සේවකයින්ගේ EPF/ETF කප්පාදු කිරීමට අමතරව ග්‍රැටිවිටියත් කප්පාදු කිරීමට සැරසෙන බවයි. එයට විරුද්ධව ජනවාරි මස දැවැන්ත උද්ඝෝෂණයක සිදු කරන බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ අවධාරණය කරයි. වැඩිපුර කියවිමට.. »

ප්‍රථම පෞද්ගලික විශ්ව විද්‍යාලය ලබන අප්‍රේල් වලදී..

S B Dissanayakeරජයේ අනුමැතිය යටතේ මෙරට ආරම්භ වන පළමු පෞද්ගලික විශ්ව විද්‍යාලය ලබන වසරේ අප්‍රේල් මාසයේ ආරම්භ කිරීමට නියමිත බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක පවසයි. රටපල් 25ක් පමණ මේ වන විට ලංකාවේ විශ්ව විද්‍යාල ආරම්භ කිරීමට සාකච්ඡා කර ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි. අප්‍රේල් මස ඉදිවන පළමු විශ්ව විද්‍යාලය ඕස්ට්‍රේලියාවේ හෝ ඉන්දියාවේ ආධාර මත ඉදිවන බව හෙතෙම අවධාරණය කරයි.

දේශපාලඥයෙකු ගස් බඳින බවට මර්වින්ගෙන් පොරෝන්දුවක්..

mervin silvaපසුගියදා කිරිබත්ගොඩ දිසා රෝහලට ඇතුලු වූ කිසියම් අයෙකු එහි සිටි හෙද නිලධාරිනියන්ට තර්ජනය කර ඇත. මේ පිළිබදව සොයා බැලිම සදහා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා  කිරිබත්ගොඩ දිසා රෝහලට පැමිනි බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

තංගල්ල සහ මාතර නගර සභා වල අයවැය පරාදයි..

ballotතංගල්ල සහ මාතර නගර සභා වල පාලක එක්සත් ජනතා නිදහස් සංධානය විසින් ඉදිරිපත් කරන ලද 2011 අයවැය ඡන්ද විමසීමේදී පරාජය වී ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. දැඩි එක්සත් ජනතා නිදහස් සන්ධාන බලයක් ඇති දකුණේ නගර සභා වල අයවැය පරාද වීම දේශපාලන විද්වතුන්ගේ කතා බහට ලක්ව ඇත.

දැඩි කොන්දේසි මත උඳුල් ප්‍රේමරත්නට ඇප..

udul releaseඅන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උඳුල් ප්‍රේමරත්නට කොන්දේසි කිහිපයක් මත ඇප ලබා දී ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ.  උදුල් අත්අඩංගුවට ගනු ලැබුවේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට කලහකාරී ශිෂ්‍ය උද්ඝෝෂණයක් මෙහෙයවා රජයේ දේපළවලටද අලාභ කිරීමේ චෝදනාව යටතේයි.   වැඩිපුර කියවිමට.. »

සෝබන සටන් බොරු සාකච්ඡා එපා – පොදු හෙද එකමුතුව

සෝබන සටන් බොරු සාකච්ඡා එපාඅද පුස්තකාල ප්‍රලේඛනාගාරයේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූ ස්වාධීන හෙද සංගමය හා සමස්ථ ලංකා හෙද සංගමය පැවසුවේ වෘත්තීය සමිති වෙන වෙනම සටන් කර ඉල්ලීම් ඉල්ලනවාට වඩා එකමුතු වී සටන් කිරීම කාර්යක්ෂම බවයි. ඒ අනුව ඔවුන් අනෙක් වෘත්තීය සමිති වලටද පොදු හෙද එකමුතුව සමඟ එකතු වන ලෙස ඇරයුම් කරයි. වැඩිපුර කියවිමට.. »

දැන් ලන්ඩන් වලට වීසා ගන්න එල්.ටී.ටී.ඊ යෙනුත් අවසර ගන්න වෙලා – ජාතික හෙළ උරුමය

ජාතික හෙළ උරුමයඅද කොළඹ පුස්තකාල ප්‍රලේඛනාගාරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ ජාතික හෙළ උරුමයේ අමාත්‍ය පාඨලී චම්පික රණවක, හැඩිගල්ලේ විමලසාර හිමි හා ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පැවසුවේ බ්‍රිතාන්‍ය රජය එල්.ටී.ටී.ඊ ඩයස් පෝරාවේ අතකොළුවක් වී ඇති බවය. වැඩිපුර කියවිමට.. »

රවී කරුණානායක තරුණ තරුණියන්ට අතහිත දෙයි..

රවී කරුණානායක තරුණ තරුණියන්ට අතහිත දෙයිඊයේ එජාප පා.ම රවී කරුණානායකගේ කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ඔහු පවසා සිටියේ යොවුන් පරපුරේ අනාගත නායකත්වයට පුහුණු වන ආයතනයක් අවශ්‍ය බවයි. ලිබරල් තරුණ සංසඳය එවැනි නායකත්වය පුහුණු කරන ස්ථානයක් බව රවී කරුණානායක පවසයි. එම තරුණ සංගමය මේ වන විට රටවල් කීපයක සංචාරය කිරීමෙන් පසුව දැන් ස්ථාවර තත්වයකට පත්ව ඇති බව අවධාරණය කරන රවී කරුණානායක, තමා එම සංගමයේ අධ්‍යකෂක ලෙස කටයුතු කරන බව පවසයි. වැඩිපුර කියවිමට.. »

තුනෙන් දෙකට අපි බය නෑ – එජාපය

gamini jayawicramaපාර්ලිමේන්තුවේ බහුතරය උපයෝගි කර ගනිමින් ආණ්ඩු පක්ෂයට අත්තනෝමතිකව කි‍්‍රයා කිරීමට ඉඩ නොදෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.  එහි සභාපති පාර්ලිමේන්තු මන්ති‍්‍ර ගාමිණි ජයවික‍්‍රම පෙරේරා පවසන්නේ ආණ්ඩු පක්ෂයේ බහුතරයට සිය පක්ෂය බිය නොවන බවයි. වැඩිපුර කියවිමට.. »

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්061 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්150  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්059  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්060  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්061  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්062  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්063 » ...  Last » 

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට