කොරෝනා නිසා රැකියාවට නොකැඳවූ පුද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුපෙන් අඩක් හෝ අවම වැටුප ලබාදීම දීර්ඝ වෙයි..
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රැකියා සඳහා නොකැඳවූ පුද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුපෙන් අඩක් හෝ ඔවුන්ගේ අවම වැටුප වන රුපියල් 14,500 ක මුදල ගෙවීම සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කර ඇති බව වාර්තා වේ. කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ පුද්ගලික අංශයේ හාම්පුතුන් අතර සිදුකළ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇති බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.