සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ ඇතුළු තදාසන්න ප‍්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවේ..

Podu Jana Peramunaඅද (18) දින කොළඹ ඇතුළු තදාසන්න ප‍්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අනාවරණය කර සිටියි. ඒ අනුව කොළඹ 13, 14 සහ 15 යන ප‍‍්‍රදේශවලට අද සවස 08.00 සිට හෙට (19) උදෑසන 06.00 දක්වා පැය 10 ක කාලයක් ජලසැපයුම අත්හිටුවන බව එම ආරංචි මාර්ග පවසා සිටියි. එමෙන්ම අද සවස 02.00 සිට හෙට උදෑසන 06.00 දක්වා කොළොන්නාව නගර සභා බලප‍‍්‍රදේශය, රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල සහ කොස්වත්ත යන ප‍‍්‍රදේශවලට ද පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇත. තව ද රාජගිරියේ සිට නාවල විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප‍‍්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලූ අතුරු මාර්ගවල ද අදාළ කාලසීමාවේදී ජල සැපයුම අත්හිටුවේ. අත්‍යාවශ්‍ය අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට