කොරෝනා මර්දන රාජකාරි වලින් ඉවත්වීම පිළිබඳව අද අවසන් තීරණයකට එළඹෙනවා – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය
කොරෝනා මර්දන රාජකාරි වලින් ඉවත්වීම පිළිබඳව අද (18) දිනයේදී අවසන් තීරණයකට එළඹෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කර සිටියි. සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කර තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ මඟින් තමන්ට නීතිමය බලයක් ලබානොදීම පිළිබඳ විරෝධය පළකරමින් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් කොරෝනා මර්දන රාජකාරී වලින් ඉවත්වීමට තීරණය කරන ලදී.