පාසල් යළි විවෘත කිරීම පිළිබඳ අද විශේෂ සාකච්ඡාවක්..
පසුගිය සතියේදී වසාදැමූ මෙරට පාසල් යළි විවෘත කිරීම පිළිබඳ තීරණයකට එළඹීම සම්බන්ධයෙන් අද (18) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශ බලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර උසස් පෙළ සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය පිළිබඳව ද මෙහිදී කරුණු සාකච්ඡා කරන බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.