මේ දක්වා මැතිවරණ පැමිණිලි 4,684 ක්..
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් මේ දක්වා පැමිණිලි 4,684 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. මැතිවරණ නීති උල්ලංඝණය කිරිම් සම්බන්ධයෙන් එම පැමිණිලි ලැබී ඇති අතර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් මෙතෙක් ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව තවදුරටත් පවසයි.