සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ සාධාරණ මැතිවරණයක් පැවත්වීම සම්බන්ධව ගැටළුකාරී තත්ත්වයක් මතුවෙමින් තිබෙනවා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා

Podu Jana Peramunaආණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ සාධාරණ සහ යුක්ති සහගත මැතිවරණයක් පැවත්වීම සම්බන්ධව ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා මහතා අවධාරණය කර සිටියි. ඒ මහතා මෙම අදහස් පළකරන ලද්දේ ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ කාර්යාලයේදී ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙහිදී ඒ මහතා පහත පරිදි සිය අදහස් දක්වන ලදී.

මැතිවරණය සම්බන්ධයෙන් වන සෞඛ්‍ය නිර්දේශ ගැසට්කිරීම පිළිබඳව යම් ගැටළුකාරී තත්ත්වයක් මතුව තිබුනා. මේ වනවිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුව සිටිනවා. ඔවුන්ට කොරෝනා මර්දනයට අවශ්‍ය බලතල ලබාදීමක් මෙතෙක් සිදුකර නෑ. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රි්යාමාර්ගයට අප පූර්ණ සහාය ලබාදෙනවා. ඒ අනුව නියමිත සංශෝධන සිදුකර යළි ගැසට් පත්‍රයක් නිකුත් කරන්නැයි අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

ආණ්ඩුවේ මැතිවරණ ව්‍යාපාරය අද වනවිට දිනෙන් දින කඩාවැටීමකට ලක්වෙමින් පවතිනවා. දෙවන බුවනෙකබාහු රජතුමාගේ රාජ සභා මණ්ඩපය ඩෝසර්කර විනාශ කිරීම කුරුණෑගල නගරාධිපතිවරයාගේ පුර්ණ මැදිහත්වීම මත සිදුව තිබෙනවා. නමුත් ඒ සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නෑ.

රට තුළ එක් නීතියක් ක්‍රියාත්මක කරන බව පවසමින් බලයට පත්වු ගෝඨාභය රාජපක්ෂ මහතා අද වන විට සිය පක්‍ෂය නියෝජනය කරන පුද්ගලයාට එක් නීතියක් සහ අනෙක් පිරිස් වෙත තවත් නීතියකුත් ක්‍රියාත්මක කරමින් සිටිනවා. හමුදා සාමාජිකයින් ඝාතනය කළ බව පැවසූ කරුණා අම්මාන්ට එරෙහිව හෝ නීතිය ක්‍රියාත්මක කළේ නෑ මේ ආණ්ඩුව.

මෙම මාධ්‍ය හමුව සඳහා හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට