අභිනව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වන දා කැඳවයි..
අභිනව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වන දා කැඳවන බව සඳහන් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (03) මධ්‍යම රාත්‍රියේදී නිකුත් කර ඇත. හෙට (05) පැවැත්විමට නියමිත මහ මැතිවරණයෙන් පසු මෙසේ අභිනව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වන දා රැස්වීමට නියමිතව ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ගන්නා ලද තීරණයකට අනුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.