ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි..
එළඹෙන සැප්තැම්බර් මස 01 වැනිදා සිට තමන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වන බව ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය ව්‍යවස්ථා සභාවට දැනුම්දී ඇති බව වාර්තා වේ. ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වන බව තමන්වෙත දැනුම්දී ඇතැයි ව්‍යවස්ථා දායක සභාවේ සභාපති හිටපු කථානායක කරූ ජයසූරිය මහතා ඊයේ (03) රැස්වූ ව්‍යවස්ථා දායක සභාවට දැනුම් දි ඇත.