සත්‍යයේ පුවත් අඩහැරය….

මැතිවරණය ඇරඹෙයි..

Podu Jana Peramunaනියෝජිතයින් 225 දෙනෙකු පත්කර ගැනීම සඳහා වන 2020 මහ මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද (05) උදෑසන 07.00 ට ආරම්භ විය. ඡන්ද විමසීමේ කටයුතු අද සවස 05.00 තෙක් සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. පිළිගත් දේශපාලන පක්ෂ 20 ක් සහ ස්වාධීන කණ්ඩායම් 34 ක් විසින් මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක් සඳහා අපේක්ෂකයින් 7452 දෙනෙකු මැතිවරණයට ඉදිරිපත් කර ඇත. දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,985 ක් ඔස්සේ 2019 ඡන්ද නාමලේඛනයට අනුව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින් එක් කෝටි හැට දෙලක්ෂ හැට තුන්දහස් අටසිය අසුපහක් සුදුසුකම් ලබා සිටියි. කෙසේවෙතත් කොරෝනා 19 වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව මැතිවරණ කටයුතු සිදුවනු ඇත. වසංගත තත්ත්වය හේතුවෙන් ස්වයං නිරෝධායනයට ලක්ව සිටින ඡන්ද දායකයින්ට සවස 04.00 න් පසු ඡන්දය භාවිතා කිරීමට හැකිවනු ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට