“කෙසෙල්වත්තේ රයිනා” දැලේ..
“කෙසෙල්වත්තේ රයිනා” නමින් හඳුන්වන අපරාධ කල්ලි සාමාජිකයෙකු වන “කෙසෙල්වත්තේ දිනුක”ගේ සමීපතමයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. පෑලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇති 27 හැවිරිදි අක්බාර් පටුමග, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට අනාවරණයවී ඇති මෙම සැකකරු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී හෙරොයින් ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 100 ක්, ජංගම දුරකථන 03 ක්, සිම් කාඩ්පත් 19 ක් ද සමඟ අත්අඩංගුවට පත්ව ඇත. සැකකරු අද (05) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.