සත්‍යයේ පුවත් අඩහැරය….

පොහොට්ටුවට විශිෂ්ඨ ජයක්..

Podu Jana Peramunaපෙරේදා (05) පැවති මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 145 ක් හිමි කරගනිමින් විශිෂ්ඨ ජයක් ලබාගෙන ඇත. ඒ අනුව ප්‍රකාශිත වලංගු ඡන්ද 11,598,929 න් ඡන්ද 6,853,698 ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව තිබේ. එහි ප්‍රතිශතය 59.09% කි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු ආසන ප්‍රමාණය 17 කි.

එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව සන්ධානයක් ලෙස තරඟ කළ සමගි ජන බලවේගය ඡන්ද 2,771,980 ක් ලබාගනිමින් දෙවන ස්ථානයට පත්ව ඇත. ලබාගෙන ඇති මුළු ආසන ගණන 54 කි. සමගි ජන බලවේගය ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය 27.90% කි.

කෙසේ වෙතත් මෙම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය දරුණු පරාජයක් ලබාතිබීම විශේෂත්වයකි. එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇති ඡන්ද ප්‍රමණය 249,435 ක් පමණක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 2.15% කි. එක් ජාතික ලැයිස්තු ආසනක් පමණක් එම පක්‍ෂයට හිමිව ඇත.

ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්‍ෂයට මෙවර මැතිවරණයෙන් ආසන 10 ක් හිමිව තිබෙන අතර පසුගිය මැතිවරණයේදී ඔවුන් ආසන 16 ක් දිනාගන්නා ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට