මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2882 ක් දක්වා ඉහළට..
මේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2882 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ඊයේ (13) දිනයේ දී එක් ආසාදිතයෙකු හදුනාගෙන ඇති අතර එම පුද්ගලයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථානයක් තුළ නිරෝධායනය වෙමින් සිටි අයෙකු බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. මේ වනවිට ආසාදිතයින් 225 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.