සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉතිරි වසර 05 තුළ ගෝඨාභය මහතාට මහින්ද රාජපක්ෂ මහතාට වැඳගෙන රට පාලනය කිරීමට සිදුවේවි – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු

Podu Jana Peramunaලෝක ආර්ථික අර්බුදය හමුවේ මුහුණ දී ඇති ගැටළුකාරී තත්ත්වයෙන් ශ්‍රී ලංකාව මුදවාගැනීමට බලයට පත්ව සිටින මහළු දේශපාලඥයින්ට හැකියාවක් පවතින්නේ ද යන්න ගැටළුවක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටියි. ඊයේ (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඒ මහතා මෙම අදහස් පළකරන ලදී. මෙහිදී හරින් ප්‍රනාන්දු මහතා පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් පළකර සිටියේය.

වෛද්‍යවරුන් පවසන ආකාරයට වසය අවුරුදු 65 ක් සම්පුර්ණ කළ පිරිසට දවසට දෙවරක් නිදාගැනීමට අවශ්‍යයි. ඖෂධ ලබාගැනීමට සිදුවනවා ඔවුන්ට. සැහැල්ලුවෙන් ජීවිතය ගෙවාදැමිය යුතුයි. ඒ නිසා මේ වනවිට බලයට පත්ව සිටින මෙම මහළු දේශපාලකයින්ට රට නිසි ලෙස පාලනය කිරීමට හැකියාවක් ඇද්දැයි යන ගැටළුව පැන නඟිනවා. ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් පත්කිරීම සඳහා රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාට 2/3 ක බලයක් ලබාදී තිබෙනවා. නමුත් අද වනවිට කැබිනට් මණ්ඩලය තුළ සිටින්නේ පිත්තල, මැටි, මිරිස්, සහල්, පොල් වැනි අමාත්‍යවරුන් පිරිසක්. මේ වගේ තත්ත්වයක් මෙරට දේශපාලන ඉතිහාසය තුළ කිසිදු දිනක සිදුවී නෑ. රටේ බහුතර ජනතාවක් ලබාදුන් බලයට ගෞරව නොකර එම බලය සැහැල්ලුවට ගනිමින් ජනතාව අපහසුතාවයට පත්කිරීමට එක් දේශපාලන පවුලක් කටයුතු කරමින් සිටිනවා.

මුස්ලිම් ජාතිකයෙකු වන අලි සබ්රී මහතාට කැබිනට් අමාත්‍යධුරයක් ලබාදීම පිළිබඳව අපට කිසිදු ගැටළුවක් නෑ. සමගි ජන බලවේගය කිසිදු අවස්ථාවක ජාතිවාදි, ආගම්වාදි සහ කුලවාදි ලෙස කටයුතු කරන්නේ නෑ. බරපතල ප්‍රශ්නය නම් අලි සබ්රී යනු කවරෙක්ද යන්න පමණයි. එතුමා යහපාලන ආණ්ඩුව බලය සිටින සමයේදී ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ මහත්වරුන් ඇතුළු දුෂණ ගණනාවකට සම්බන්ධ පුද්ගලයින් වෙනුවෙන් පෙනී සිටි අයෙක්. එවැනි පුද්ගලයෙකු මෙරට අධිකරණ අමාත්‍යවරයා ලෙස පත්කිරීම ගැටළුසහගතයි. ජාතියේ මුර දේවතාවා ලෙස අධිකරණ පද්ධතිය හදුන්වාදෙන තත්ත්වයක් තුළ සිය සේවාදායකයන් වෙනුවෙන් පෙනීසිටි පුද්ගලයෙකුට රටේ උත්තරීතර ආයතනය වන අධිකරණ පද්ධතියේ විෂයභාර අමාත්‍යවරයා ලෙස පත්කිරීම ගැටළුසහගතයි. අද රටේ මුදල් පාලනය කරන්නේ මහින්ද රාජපක්ෂ මහතායි.

ආරක්ෂාවව සම්බන්ධව කටයුතු කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. ක්‍රීඩා සහ තරුණ පරම්පරාව පාලනය කිරීම නාමල් රාජපක්ෂ මහතා විසින් සිදුකරනවා. මුදල් වියදම් කරන්නේ බැසිල් රාජපක්ෂ මහතායි. වාරිමාර්ග සහ කෘෂි කර්මාන්තයට අවශ්‍ය ජලය ලබාදෙන්නේ චමල් රාජපක්ෂ මහතායි. ජනතාව බලාපොරොත්තු වු 2/3 ක බලය මෙයදැයි විමසා සිටිනවා. ආණ්ඩුවේ පිරිස් පාර්ලිමේන්තුවට පැමිණිමට පෙරම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කිසිදු පක්ෂපාතිත්වයක් නොදක්වන බව මේ වන විටත් පෙන්වීමට කටයුතු කරමින් සිටිනවා. එම ව්‍යවස්ථාවේ කිසිදු ස්ථානයක කළ හැකි දේ මිස, කළ නොහැකි දේ සඳහන් කර නෑ. ආණ්ඩුවට 2/3 ක බලයක් ලබාදී ඇති නිසා ව්‍යවස්ථාව වෙනස් කර පාලකයින්ට අවශ්‍ය ලෙස රට පාලනය කිරීමට හැකියාව පවතිනවා.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසිවී නොමැති තත්ත්වයක් තුළ එහි ප්‍රතිපාදන උල්ලංඝණය කරමින් කටයුතු කිරීම භයානක තත්ත්වයක්. ජනාධිපතිවරයාට කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීමට හැකියාව පවතිනවා. ජනාධිපතිවරයාට, අගමැතිවරයා සමඟ සාකච්ඡා කර කැබිනට් මණ්ඩලය පත්කිරීමට හැකියාව පවතිනවා. ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාට වඳින සුන්දර දර්ශන කිහිපයක් දැකගැනීමට හැකිවුනා පසුගිය දා. මෙරට පුරවැසියෙකු ලෙස තමන් ඒ පිළිබඳව සතුටු වුනත් ඉතිරි වසර 05 ක කාලය තුළ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට මහින්ද රාජපක්ෂ මහතාට වැඳගෙන රට පාලනය කිරීමට සිදුවේවි.

මෙරට දේශපාලන ඉතිහාසය තුළ කිසිදු දිනක දැක නොමැති මැටි, පිත්තල, විසිතුරු ඇමතිලා සිටින කැබිනට් මණ්ඩලයක් පත්කරලා තිබෙනවා. මෙවැනි තත්ත්වයක් ලෝකයේ කිසිදු රටක දැකගැනීමට නෑ. අමාත්‍යංශ සහ ආයතන බෙදාදී ඇත්තේ රාජපක්‍ෂ පවුලට වැඩි කොටසක් හිමිවන ආකාරයටයි.

මෙම මාධ්‍ය හමුව සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට