පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 2755 ක් දක්වා ඉහළට..
මේ දක්වා මෙරට තුළ සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 2755 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. අද (18) උදෑසන වන විට කොරෝනා ආසාදිතයින් 79 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. මේ දක්වා මෙරටින් වාර්තාවී ඇති සමස්ත කොරෝනා රෝගීන් ප්‍රමාණය 2900 ක් වන අතර ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන ප්‍රමාණය 134 ක් බව ද එම ආරංචි මාර්ග පවසා සිටියි.