සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැහැරව කටයුතු කිරීමට ජනතාව ආණ්ඩුවට ජනවරමක් ලබාදී නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ

Podu Jana Peramunaආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැහැරව කටයුතු කිරීම සඳහා ජනතාව ආණ්ඩුවට ජනවරමක් ලබාදී නොමැති නමුත් ආණ්ඩුවට හිමිවූ ජනවරම ජනතාව සමඟ රට පාලනය කිරීමට ලද ජනවරමක් බව ආණ්ඩුවේ ඇතැම් පිරිසකට අමතකව ගොස් ඇති බවක් පෙනීයන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ මහතා අවධාරණය කර සිටියි. ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ කාර්යාලයේදී ඊයේ (18) පැවති මාධ්‍ හමුවකදී මෙම අදහස් පළකරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ මහතා එහිදී පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් පළකර සිටියේය.

පසුගිය ආණ්ඩු සමයේදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වාදී ඒ තුළින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනාගැනීමට කටයුතු කළා. එහිදී පරිසර, මහවැලි සහ ආරක්ෂක යන අමාත්‍යංශ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ තබාගත්තා. එතුමාගේ ධූරකාලයෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුට පමණක් අමාත්‍යධූරයක් දැරිය හැකිය යන ව්‍යවස්ථා සංශෝධනය මේ වනවිටත් පවතිනවා.

වත්මන් කැබිනට් මණ්ඩලයේ ආරක්ෂක අමාත්‍යධූරය ජනාධිපතිවරයා සතුව පැවතීම ගැටළුවක් නැතැයි බැලූ බැල්මට පෙනුනත් ව්‍යවස්ථාව යම් තරමකින් හෝ උල්ලංඝණය කිරීමේ අයිතියක් පාලක පක්ෂයට හෝ විපක්ෂයට නෑ. නොගැළපෙන ආයතන රැසක් මේ වනවිට ආරක්ෂක අමාත්‍යංශය යටතට ගෙනැවිත් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අවධාරණය කිරීම, ආණ්ඩුවේ කකුලෙන් ඇදීමක් නොවෙයි.

ආණ්ඩුව විසින් ඉදිරියේදී හඳුන්වාදීමට නියමිතව ඇති ව්‍යවස්ථා සංශෝධනය මඟින් ස්වාධීන කොමිෂන් සභා සහ තොරතුරු දැනගැනීමේ පනත අහෝසි කිරීම වැනි දේ සිදුවන්නේදැයි විමසා සිටිනවා. ජනාධිපතිවරයා තමන්ට ලැබී ඇති බලය ජනතාවට හානියක් නොවන ලෙස භාවිතා කරනු ඇතැයි අප විශ්වාස කරනවා. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතිවරයා වුවත් අමාත්‍යධූර සඳහා පුද්ගලයින් පත්කිරීමේ පූර්ණ බලය අග්‍රාමාත්‍යවරයාට හිමිවනවා. ව්‍යවවස්ථා සංශෝධනයක් සිදුකර ඒ අනුව කටයුතු කිරීමට හැකිවුවත් මේ වනවිට එවැනි තත්ත්වයක් ඇතිවී නෑ.

අමාත්‍ය මණ්ඩලය පත්කිරීම පිළිබඳ සමාජය අවඥා සහගතව බලන ආකාරයක් උද්ගතව තිබෙනවා. මෙරට පැවති සෑම කැබිනට් මණ්ඩලයක් තුළම පැවති කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යධූරය වත්මන් කැබිනට් මණ්ඩලය තුළ නෑ. එම විෂය භාරදී ඇත්තේ කාහටදැයි යන ගැටළුව පැනනැඟී තිබෙනවා. ස්වාධීනව සිය අදහස් පළකරන ආණ්ඩුවේ පිරිස් යම් පාලනයකට ලක්කිරීමට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා නායකත්වය දරණ රාජපක්ෂ කඳවුර කටයුතු කර ඇති බවක් පෙනීයනවා. මහමැතිවරණයෙන් ජයගත් රාජපක්‍ෂවරුන් සියළුදෙනාටම අමාත්‍යධූර ඇතුළු ආණ්ඩුවේ ඉහළම තනතුරු ලබාදී තිබෙනවා.

රට තුළ උද්ගතව තිබෙන ගැටළුකාරී තත්ත්වයන් මඟහැර වෙනත් අවශේෂ කරුණු සම්බන්ධයෙන් පමණක් ආණ්ඩුව අවධානය යොමුකරමින් කටයුතු කරන ආකාරයක් දක්නට ලැබෙනවා. රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් වහාම පැහැදිලි ප්‍රකාශයක් සිදුකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

රාජ සභා මණ්ඩපය විනාශකිරීමේ සිදුවීමට අදාළ නීති කටයුතු සඳහා කුරුණෑගල නගර සභාවට අයත් රුපියල් ලක්ෂ 22 කට ආසනන්න මුදලක් ලබාගැනීමට එම නගරාධිපතිවරයා අවශ්‍ය අනුමැතිය ලබාගෙන තබෙනවා. මෙලෙස ජනතා මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් මැදිහත් වන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. මෙම කාර්යය සදාචාර සම්පන්නදැයි විමසනවා.

මෙම මාධ්‍ය හමුවට සහභාගිවූ පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා ද පහත පරිදි අදහස් දක්වන ලදී.

පසුගියදා රටපුරා විදුලි විසන්ධි වීමක් සිදුවුනා. රට පාලනයට අවශ්‍ය නිසි වැඩපිළිවෙලක් සකස්කර ඇතැයි බලයට පත්වීමට පෙරසිටම පැවසූ ආණ්ඩුව මේ වනවිට රට පාලනය කරන ආකාරය පිළිබඳ ගැටළු රැසක් මතුව තිබෙනවා. නිසිලෙස ආණ්ඩු පවත්වාගෙන යන ආකාරය පෙන්වීම සඳහා අවශ්‍ය බලය ලබාදෙන්නැයි පසුගිය මැතිවරණ සමය තුළ මහින්ද රාජපක්ෂ මහතා පුරසාරම් දෙඩුවා.

විදුලිබල අමාත්‍යවරයා සිය ධූරයේ වැඩභාරගත් දිනයේදීම රට අඳුරේ තැබීම පිළිබද යම් විමතියක් ඇතිවනවා. මෙම සිදුවීම අහම්බයක් නොවෙයි. එය හිතාමතාම සිදුකරන ලද්දක් බව පැවසිය හැකියි. ඒ අනුව මෙම විදුලි විසන්ධි වීම, හදිසි විදුලි මිලදී ගැනීමක් සම්බන්ධයෙන් රටට ලබාදුන් සාර්ථක පණිවුඩයක් ලෙස හැඟීයනවා. විදුලිය මිලදීගැනීම් සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුවට විවිධ චෝදනා එල්ලකළ එවක විපක්ෂයේ සිටි වත්මන් ආණ්ඩුව හොර රහසේම විදුලිය මිලදී ගන්නා ආකාරය ඉදිරි කාලය තුළ දැකගැනීමට හැකිවේවි. පසුගියදා සිදුවූ විදුලි විසන්ධිවීම එහි ආරම්භයක්.

වැඩ බැරිනම් වැඩකර පෙන්වන්නම් යනුවෙන් පවසා පිනුම්, බල්ටි ගසා බලය ලබාගත් ආණ්ඩුව මේ වනවිට විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් කමිටු පත්කර විමර්ශන සිදුකරමින් සිටිනවා. ඒ අනුව ආණ්ඩුවේ හොඳ හොඳ සෙල්ලම් ඉදිරියේදී දැකගැනීමට හැකිවේවි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන අරමුණ බවට පත්ව තිබෙනවා. එම ව්‍යවස්ථා සංශෝධනය තුළ පවතින රටට අහිතකර දේ ඉවත්කිරීම ගැටළුක් නොවුනත් එක් පවුලක් වෙනුවෙන් පමණක් නව සංශෝධනයක් සිදුකරන්නේ නම් ඊට අප එරෙහිව කටයුතු කරනවා.

ජනතාව ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබාදුන්නේ රට ඉදිරියට ගෙනයාමට පමණයි. නමුත් ආණ්ඩුව සිය ඩීල් ආරක්ෂා කිරීම සඳහා මෙවැනි කටයුතු සිදුකරන බව පෙනීයනවා. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් යම් යම් තනතුරු නිර්මාණය කිරීමට ද ඒ අනුව ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. ගෝඨාභය රාජපක්‍ෂ සහ මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් එකිනෙක වෙනස් මාර්ගයක ගමන් කරන්නේදැයි විමසීමට සිදුව තිබෙනවා.

පසුගිය ආණ්ඩුවේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර යම් ගැටළුකාරී තත්ත්වයක් මතුවුවත් වත්මන් ආණ්ඩුවේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සහෝදරයින් වන බැවින් එවැනි ගැටළුකාරී තත්ත්වයක් මතුනොවිය යුතුයි. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අතර යම් ගැටළුවක් ඇද්දැයි විමසීමට සිදුව තිබෙනවා.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට