සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නව වැනි පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම අද ..

Podu Jana Peramunaශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුවේ පළමු වන රැස්වීම අද (20) ආරම්භවීමට නියමිතව ඇත.ඒ අනුව අද පෙරවරු 09.30ට නවවැනි පාර්ලිමේන්තුවේ පළමු රැස්විම ආරම්භ වේ. පළමු රැස්විම සඳහා මන්ත්‍රීවරුන් 223 දෙනෙකු අද දිනයේ පාර්ලිමේන්තුවට පැමිණිමට නියමිතය. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධුර 145ක් හිමිකර ගනිමින් බහුතර බලයක් ලබා  ගත් අතර සමගි ජන බලවේගයට මන්ත්‍රීධුර 54ක් ද ඉලංකෙයි තමිල් අරුසු පක්ෂයට මන්ත්‍රී ධුර 10 ක් ද ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධූර 03ක් ද හිමිවිය. ඊලාම් ජනතා ප්‍රාජාතන්ත්‍රවාදි පක්ෂයට මන්ත්‍රී ධුර 02ක් සහ අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසයට මන්ත්‍රීධුර 02ක් හිමිව ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, අපේ ජන බල පක්ෂය, තමිල් මක්කල් ඉදුදලේ පුලිහල්, මුස්ලිම් ජාතික සන්ධානය, තමිල් මක්කල් තේසීය කුට්ටනි, අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය, ජාතික කොංග්‍රසය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී එක් මන්ත්රීල ධුරය බැගින් හිමිකර ගන්නා ලදී. මෙවර පාර්ලිමේන්තුට තේරී පත්වී සිටින මන්ත්‍රීවරුන් 81 දෙනෙකුම පළමු වරට තේරීපත් වූ අය වීම විශේෂත්වයකි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට