සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සුපුරුදු වාග් ප්‍රහාරයක් පමණයි – සමගි ජන බලවේගය

Podu Jana Peramunaසුපුරුදු මෙන්ම සාම්ප්‍රදායික කරුණු දක්වමින් වාග් හරඹයක් මවමින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සැඟව සිටින ගෝනිබිල්ලා සහ භූතයා හඳුනාගැනීමට අපහසු නොවන බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. අද (21) කොළඹ පිහිටි – සමගි ජන බලවේගයේ කාර්යාලයේදී මෙම අදහස් පළකරන ලද්දේ පාර්ලිමේන්ත මන්ත්‍රි තුෂාර ඉඳුනිල් මහතා විසිනි.

මෙහිදී තවදුරටත් සිය අදහස් දක්වමින් ඒ මහතා පහත පරිදි කරුණු දක්වන ලදී.

ඊයේ (20) රැස්වූ පාර්ලිමේන්තු පළමු සැසිවරයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ ජනාධිපතිවරයා සරළව, අවම වියදමකින් කටයුතු කළ බවට අදහස් පළවූ නමුත් කොරෝනා වංසගතය සහ විදුලි අර්බුදය වැනි කරුණු කිසිවක් එහි සඳහන් වුනේ නෑ. රටේ සියළු අංශ නඟාසිටුවන බව සඳහන් කරමින් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ එම ප්‍රතිපත්ති ප්‍රකාශය, විශාල ලෙස අයිසිං මෙන්ම විස සහිත චොකලට් යොදා සකස්කළ ලස්සන කේක් එකක් ලෙස හැඳින්විය හැකියි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන බවත් ජනාධිපතිවරයා එහිදී පවසා සිටියා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ දියුණුවට අහිතකර යැයි පවසමින් එය අහෝසි කර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළයුතු බව ආණ්ඩුව පසුගිය සමයේදී පවසා සිටියා. ඒ අනුව එය අනුමත කරමින් ආණ්ඩුව ජයග්‍රහණය කරවීමට ජනතාව කටයුතු කළා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා මාධ්‍යවේදීන්ට නිදහසේ කටයුතු කළ හැකි වාතාවරණයක් ඇතිකර රාජපක්‍ෂ පවුල වටා ගොනුකර තිබූ බලය ජනතාවට ලබාදී රට තුළ විශාල ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති කිරීමට හැකිවුනා. ප්‍රසම්පාදන පනත සම්මත කිරීමට ද ඒ අනුව අපට හැකිවුනා. එහිදී විනිවිදභාවයකින් යුතුව මුදල් වැයකිරීමටත් හැකිවුනා. තොරතුරු දැනගැනීමේ පනත හරහා ඕනෑම තත්ත්වයක් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට හැකි වාතාවරණයක් ඇති කළා. විගණන පනතත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ඇති කළා. ඒ අනුව සියළු මුල්‍ය සහ ආයෝජන කටයුතු නිසි විගණනයකට ලක්කිරීමට හැකිවුනා. එය ප්‍රබල ජනතාවාදී ක්‍රියාදාමයක් බව අවධාරණය කරනවා.

ඒ අනුව 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා මෙවැනි තත්ත්වයක් රට තුළ ඇතිකළේ නම් 19 වන ව්‍යවස්ථාව අහෝසි කිරීම හරහා එම සියළු තත්ත්වයන් අහෝසි වනවා. එය තමන්ගේ දෑත් රෙදි පටියකින් බැඳ තමන්ම ලබාදෙන පොල්ලකින් ඇති පමණ පහරදෙන්නැයි ඉල්ලා සිටින තත්ත්වයක් ලෙස පෙන්වාදිය හැකියි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා යහපාලන ආණ්ඩුව ඇති කළ ජනතා නිදහස, ජනතාවට ඕනෑම දෙයක් සිතීමට ලබාදී තිබූ නිදහස 19 වන ව්‍යවස්ථාව අහෝසි කිරීම තුළින් අහෝසිවනවා. 18 වන ව්‍යවස්ථාව තුළින් මහින්ද රාජපක්ෂ මහතා ජනතාව, රාජ්‍ය සේවය, නීතිය, අධිකරණය යන සියල්ල එක් මිටකට ගෙන යටත් වැසියන් බවට පත්කර එතුමාට අවශ්‍ය පරිදි පාලනය කළා. පසුඟිය ආණ්ඩුව විසින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට කටයුතු කරමින් එම ජනතාව ස්වාධීන පුරවැසියන් බවට පත්කිරීමට කටයුතු කළා. නැවත වරක් යටත් වැසියන් බවට පත්ව කටයුතු කිරීම සඳහා රටේ ජනතාවම යළි රාජපක්ෂතවරුන් බලයට ගෙනඒමට කටයුතු කර තිබෙනවා.

19 වන ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිධූර කාලය 5 දක්වා සීමාකිරීමට මෙන්ම පාර්ලිමේන්තුවේ කාලය ද 05 දක්වා පහළ දැමීමට කටයුතු කළා. 19 වන ව්‍යවස්ථාව අහෝසි කිරීමට කටයුතු කළහොත් එම නිර්ණායකයිනුත් අහෝසිවේවි. එවැන්නක් සිදුවුවහොත් ආණ්ඩුවට අවශ්‍ය පරිදි අධිකරණය නැවිය හැකි තත්ත්ත්වයක් ඇතිවේවි. මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන්ට පිඩාවට පත්කළ අඳුරු යුගයට යළි රට ගමන් කරාවි. දෙවරක් පමණක් ජනාධිපතිධූරය දැරිය හැකි බවට ගෙන එන ලද නිර්ණායක අහෝසිවී පාලකයාට අවශ්‍ය ලෙස ඕනෑම වාර ගණනක් ඒකාධිපතියෙකු ලෙස කටයුතු කිරීමට හැකිවන තත්ත්වයක් ඇති වේවි. ද්විත්ව පුරවැසිභාවයක් සහිත බැසිල් රාජපක්ෂක වැනි විශාල පිරිසක් ඉදිරියේදී යම් යම් තනතුරු ලබාගෙන පාර්ලිමේන්තුවට පැමිණේවි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ යම් යම් අඩුපාඩු පවතිනවා. ඒවා නිවැරදි කිරීමට අවශ්‍ය සහාය ආණ්ඩුවට ලබාදෙනවා. එක් රටක් තුළ එක් නීතියක් ඇතිකරන බවට ගෝඨාභය රාජපක්ෂක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවා. නමුත් එවැනි තත්ත්වයක් රට තුළ ක්‍රියාත්මක වන්නේ නෑ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නා විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ වත්මන් ආණ්ඩුවේ සියළුදෙනා ඊට අනුමැතිය ලබාදුන්නා. නමුත් එම පිරිසම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටට නුසුදුසු බව සඳහන් කරමින් ඒකාධිපතිවාදයක් කරා ගමන්කිරීමට උත්සාහ කරනවා. මේවා සියල්ල සියල්ල දේශපාලන කපටිකම්. ඒවාට ජනතාව රැවටිලා සිටින්නේ. ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් සිදුකර ඇත්තේත් එවැනි කපටිකමක් මෙන්ම ජනතාව මුලාකිරීමක්.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට