පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙදින වැඩමුළුවක්..
මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටින මන්ත්‍රීවරුන් සඳහා අද (25) සහ හෙට (26) යන දෙදින තුළ වැඩමුළුවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩමුළුව ආරම්භ කිරීමට නියමිතය. පාර්ලිමේන්තුවේ කටයුතු, සම්ප්‍රදායන්, ක්‍රමවේදයෙන් පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම අරමුණු කරගනිමින් මෙම වැඩමුළුව පැවැත්වේ.