අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තුව..
සැප්තැම්බර් පළමු වැනිදා සිට මෙම වසරේ දෙසැම්බර් මාසය දක්වා කාලය සඳහා වන අතුරු සම්මත ගිණුමක් හෙට (27) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය හෙට සහ අනිද්දා (28) යන දෙදින තුළ පැවැත්වෙනු ඇත.