විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම තාවකාලිකව අත්හිටුවයි..
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් විදෙස් ගතව සිටින මෙරටට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ. නිරෝධායන මධ්‍යස්ථාන තුළ ඉඩකඩ අවම වීම නිසා රජය විසින් මෙම තීරණය ගෙන ඇත.