“සමයං” ගේ වෙඩික්කරුවෙකු වූ “ඉන්ද්‍රා” පොලිස් වෙඩිපහරින් මරුට..
හිටපු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ “සමයං” ගේ කණ්ඩායමේ වෙඩික්කරුවෙකු ලෙස සැලකෙන ඉදුනිල් වජිර කුමාර හෙවත් “ඉන්ද්‍රා” ඊයේ (28) රාත්‍රි කාලයේදී පොලිස් වෙඩිපහරින් මියගොස් ඇති බව වාර්තා වේ. මංකොල්ලකෑම්, ඝාතන සහ කප්පම් ගැනිම් ආදි චෝදනා රැසක් එල්ලවී තිබූ ඉන්ද්‍රා හෙරොයින් ග්‍රෑම් 10 ක් ද සමඟ පසුගියදා නවගමුව ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඉන් මිදී පලායාමට උත්සහ කිරිමේදී පොලීසිය වෙඩිතැබීම නිසා මෙසේ මරණයට පත්ව ඇත.