හෙරොයින් බෙදාහරිමින් සිටි අඹුසැමි යුවළක් දෙහිවල දී පොලිස් දැලේ..
හෙරොයින් බෙදාහරිමින් සිටි අඹුසැමි යුවළක් දෙහිවල දී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. දෙහිවල දුම්රියපොළ පාරේදී ඊයේ (29) සවස සිදුකරන ලද වැටලීමකදී අත්අඩංගුවට පත් අඹුසැමි යුවළ සමඟ රුපියල් ලක්ෂ 6 ක පමණ වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක්ද අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් අඹු සැමි යුවළ අද (30) දෙහිවල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.