විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් 203 ක් යළි දිවයිනට..
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් 203 දෙනෙකු ඊයේ (03) රාත්‍රි කාලයේ දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. නේපාලයේ සහ ඊශ්‍රායලයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙසේ මෙරටට පැමිණ ඇත. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයකින් මෙම පිරිස දිවයිනට පැමිණ ඇත. මෙම පිරිස කටුනායක ගුවන්තොටුපළේ දී පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ලක් කර තිබෙන අතර පසුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත.