කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3169 දෙනෙකු දක්වා ඉහළට ..
මෙරට කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3169 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (11) දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් 14 දෙනා ද සමගය. ඊයේ හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයින් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි 7දෙනෙකු, සෞදි ආරාබියේ සිට පැමිණි දෙදෙනෙකු සහ මාලදිවයිනේ සිටි පැමිණි 05 දෙනෙකු වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම පුද්ගලයින් සියලුදෙනා මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන වෙමින් සිටි පුද්ගලයින් බව සඳහන් වේ. කෙසේ වෙතත් මෙරට සමස්ත ආසාදිතයින්ගෙන් 2969 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයින් 188 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබති.