සත්‍යයේ පුවත් අඩහැරය….

බන්ධනාගාර රැඳවියින් පිළිබඳ කඩිනම් තීරණ කිහිපයක් ..

Podu මත්ද්‍රව්‍ය භාවිතය නිසා වැරදිකරුවන් වී බන්ධනාගාරගත වී සිටින රැඳවියන්ගේ පුනරුත්ථාපනය කඩිනම් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.නීතිපතිවරයාගේ උපදෙස් මත අධිකරණ අමාත්‍යාංශයේ හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් මෙම වැඩපිළිවෙල කඩිනම් කිරීමට ද තීරණය කළ බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. බන්ධනාගාර ආශ්‍රීතව පැතිරයන කොවිඩ් -19 වෛරසය සම්බන්ධයෙන් ඊයේ (04) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ති වේ. මත්ද්‍රව්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ රැඳවියන් 8000 ක් පමණ මේ වනවිට බන්ධනාගාර තුළ සිටින බව එම රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. එවැනි පුනරුත්ථාපන වැඩසටහන් සම්පූර්ණ කළ රැඳවියන් PCR පරීක්ෂණවලින් අනතුරුව නිරෝධායනය කොට කඩිනමින් අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එහිදී උපදෙස් ලබාදී ඇත. ඒ සඳහා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයත්, බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය හා ඒ සඳහා සුදුසු ස්ථාන යොදාගන්නා ලෙසත් රාජ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදුන් බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය  අමාත්‍යාංශය සඳහන් කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට