සත්‍යයේ පුවත් අඩහැරය….

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 26000 ඉක්මවයි ..

Podu මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් -19 ආසාදිතයින්ගේ සංඛ්‍යා 26,000 සේ සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.ඊයේ (03) දිනයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 402ක් වේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 66ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35 දෙනෙකු ද වාර්තා වී ඇත. ඒ ඊයේ (03) දිනයේදී අලුතින් කොවිඩ් ආසාදිතයින් 628 දෙනෙකු හඳුනාගැණුනු අතර ඉන් එක් පුද්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකීකයෙක් වේ. අනෙක් ආසාදිතයින් 627දෙනා මීටපෙර හඳුනාගත් කොවිඩ් රෝගීන්ගේ ආශ්‍රීතයින් බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මේ වනවිට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 26,038 ක් වේ. මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 6,878ක් බවද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට