සත්‍යයේ පුවත් අඩහැරය….

අ.පො.ස. (සා.පෙළ ) විභාගය මාර්තු මස ..

Podu අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග බොහෝ දුරට 2021 මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි.සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේදී පැවැත්වුවහොත් මාස 03ක කාලයක් තුලදී එනම් ජුනි මාසය වන විට විභාග ප්‍රථිපල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරනු ඇති බවද හෙතම පැවසීය. විභාගය මාර්තු මාසයේ පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවත්, එය තවදුරටත් කල් දැමීමට අවශ්‍ය නොවන බවයි අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී. අමාත්‍ය ජී. එල්. පීරිස් වැඩිදුරටත් කියා සිටියේ ජූලි මාසයේ සිට අ.පො.ස. උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සිසුන්ට අවස්ථාව ලබා දීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි. 2021 මාර්තු මාසයේදී විභාග පැවැත්වීම සඳහා සුදුසු දින 09 ක කාලයක් පිළිබඳව තීරණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය බලධාරීන් සහ අනෙකුත් අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද ඇමතිවරයා පවසා සිිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට