සත්‍යයේ පුවත් අඩහැරය….

මහර ගැටුම පිළිබඳ සොයන කමිටුව අද බන්ධනාගාරයට ..

Podu මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කළ විමර්ශන කමිටුවේ අතුරු වාර්තාවක් එළඹෙන සඳුදා විෂයභාර අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා වෙත භාරදීමට නියමිතව ඇති බව වාර්තා වේ.මහර බන්ධනාගාරයේ පසුගියදා ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කර ඇත. එම කමිටුව ඊයේ දිනයේදී පළමුවරට මහර බන්ධනාගාර පරිශ්‍රයට ගොස් සාක්ෂි සටහන් කරන ලදී. ඊයේ දිනයේදී රැඳවියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත් අතර අද (04) දිනයේ ද එම කණ්ඩායම මහර බන්ධනාගාර පරිශ්‍රය වෙත යෑමට නියමිතව ඇත. අද දිනයේදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ දඬුවම් ලබාසිටින රැඳවින්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා බව එම කමිටුවේ ප්‍රකාශකයෙකු සඳහන් කරන ලදී. ඒ අනුව එළඹෙන සඳුදා දිනයේදී අතුරු වාර්තාවක් අමාත්‍යවරයා වෙත භාරදීමට නියමිත බවද එම ප්‍රකාශකයා සඳහන් කරයි. බන්ධනාගාර ගැටුමට හේතු වූ කරුණු සහ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවේ කාර්යභාරය වේ. ඊට අමතරව ගත යුතු කෙටිකාලීන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද නිර්දේශ ඉදිරිපත් කරන ලෙස අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා උපදෙස් ලබාදී ඇති බව සඳහන්ති වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට