සත්‍යයේ පුවත් අඩහැරය….

වැඩකරන විරුවාගේ ආණ්ඩුව විකාර ආණඩුවක් බවට පත්ව තිබෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන්

Podu පසුගියදා මහර බන්ධනාගරය තුළ සිදුවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් රට තුළ විශාල කථාබහක් මතුව ඇති අතර බන්ධනාගාරගතව සිටින රැඳවියන්ට වෙඩිතැබීම මෙරටට අලුත් දෙයක් නොවන බවත් වත්මන් පාලකයින් යටතේම මීට පෙරද එවැනි සිදුවීම් රැසක් සිදුව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා පවසා සිටියි.ඊයේ (02) කොළඹ, විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මෙම අදහස් පළකල මනෝ ගනේෂන් මහතා එහිදී පහත පරිදි තවදුරටත් සිය අදහස් මාධ්‍ය වෙත දක්වා සිටියේය.

800 ක රැඳවියන් පිරිසක් පමණක් රඳවා තබාගත යුතු නමුත් මහර බන්ධනාගරය තුළ රැඳවියන් 3000 කට අධික පිරිසක් රඳවා තිබෙනවා. බන්ධනාගාරයෙන් පිටත විශාල ලෙස කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින තත්ත්වයකදී අධික තදබදයකින් යුතුව සිටින මහර බන්ධනාගරයේ රැඳවියන් තුළ නොසන්සුන්කාරී බවක් ඇතිවීම ඉතා සාධාරණයි.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ තමන්ව පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කරන්නැයි මහර බන්ධනාගරයේ රැඳවියන් සිදුකළ ඉල්ලීම පිළිබඳ බලධාරීන් කිසිදු අවධානයක් යොමුකර නෑ. රිවර්ස් පෙත්තක් පිළිබඳ කරුණු දක්වමින් මෙම ගැටුම්කාරී තත්ත්වය ආණ්ඩුවත් රටත් ජාත්‍යන්තරව අපකීර්තියට පත්කිරීමට දරණ ලද උත්සාහයක් බව හුවාදැකීමට පන්දාහේ ඇමති කටයුතු කරමින් සිටිනවා. ඉහත ප්‍රකාශය සම්බන්ධයෙන් එම අමාත්‍යවරයාගෙන් වහාම ප්‍රකාශයක් ලබාගන්නැයි එම ගැටුම පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද කමිටුවෙන් ඉල්ලා සිටිනවා.

වසරක පමණ කාලයක සිට රට පුරා කොරෝනා වෛරසය පවතින බැවින් බන්ධනාගාර තුළ අධික තදබදයක් පැවතීම සම්බන්ධයෙන් සොයාබැලීමට ආණ්ඩුව කටයුතු කළයුතුව තිබුනා. ආණ්ඩුවේ වගකීම වන්නේ එවැනි කටයුතු සිදුකිරීම මිස රටට ප්‍රවෘත්ති සැපයීම නොවෙයි. වැඩකරන විරුවාගේ ආණ්ඩුව මේ වනවිට විකාර ආණ්ඩුවක් බවට පත්ව තිබෙනවා. ඒ අනුව සර් ෆේල් බව නැවතත් ඔප්පුවී තිබෙනවා. ආණ්ඩුවේ ෆේල් ලැයිස්තුවට මහර බන්ධනාගාරයේ සිදුවීමද එක්ව අවසන්.

මහර බන්ධනාගාරයේ ගැටුම හේතුවෙන් මියගිය රැඳවියන් 11 දෙනෙකු අතරින් 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව තහවුරුවී ඇති අතර බන්ධනාගාරය තුළ පවතින අධික තදබදය නිසා මෙවැනි තත්ත්වයක් ඇතිව තිබෙන බැවින් ආණ්ඩුව එහි වගකීම භාරගත යුතුයි. වසංගත තත්ත්වයක් ඇතිව තිබියදීත් එල්.පී.එල්. ක්‍රිකට් තරඟාවලිය පවත්වන ආණ්ඩුවට, මෙරට බන්ධනාගාර තුළ සිටින රැඳවියන් අතර කොරෝනා වසංගතය පැතිරයාම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ඕනෑතරම් අවස්ථාව පැවතියා.

මෙම මාධ්‍ය හමුව සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වී. රාධක්‍රිෂ්ණන් සහ කොළඹ හිටපු නාගරික මන්ත්‍රිනි උමා චන්ද්‍ර ප්‍රකාශ් යන මහත්ම මහත්මීන්ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට