සත්‍යයේ පුවත් අඩහැරය….

කොරෝනා මර්ධන වැඩපිළිවෙලින් ආණ්ඩුව අසමත් – එක්සත් ජාතික පක්ෂය

Podu කොරෝනා පළමු රැල්ලට සාර්ථකව මුහුණ දුන්නද දෙවන රැල්ලේදී අසාර්ථක වැඩපිළීවෙලක් දියත් කළ බැවින් මේ වනවිට මෙරට ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින අතර විශාල ජීවිත ප්‍රමාණයක්ද අහිමිව ගොස් ඇති බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සන්දිත් සමරසිංහ මහතා විසිනි.

මෙහිදී ඒ මහතා තවදුරටත් සිය අදහස් මාධ්‍ය වෙත පවසා සිටින ලදී.

කොරෝනා මර්ධන වැඩපිළිවෙලින් ආණ්ඩුව අසමත් බව පෙනීයනවා. කොරෝනා වෛරසයේ දෙවන රැල්ල ඉතා ඉක්මනින් රට තුළ ව්‍යාප්ත වුනා. දිනක් තුළ වාර්තා වන ආසාදිතයින් ප්‍රමාණයක් වැඩි වෙමින් තිබෙනවා. කොරෝනා වෛරසය පාලනය කිරීම උදෙසා රාජ්‍ය අමාත්‍යධුරයක් ඇතිකර ඒ සඳහා වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පත්කර තිබෙනවා. එය කොරෝනා වසංගතය හේතුවෙන් රජය ලද දැවැන්ත පරාජයක් ලෙස හැඳින්විය හැකියි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කොරෝනා වසංගතයෙන් රට බේරා දෙන්නැයි ඉල්ලා ගංගාවලට මුට්ටි විසිකළා. වෙනත් බන්ධනාගාර වලින් රැඳවියන් ගෙනඒම නිසා මහර බන්ධනාගාරය තුළ පසුගියදා නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වුනා. එහිදී මියගිය රැඳවියන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව අනාවරණය වුනා.

මීට පෙර වැලිකඩ බන්ධනාගාරයේදීත් මෙවැනි සිදුවීමක් ඇතිවුනා. මේ සිදුවීම් සියල්ලම ජාත්‍යන්තර කුමන්ත්‍රණ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මහර බන්ධනාගාරය තුළ කොරෝනා වෛරසය ආසාදනයවූ පිරිස් සිටින්නේදැයි යන්න පිළිබඳව පරීක්ෂණ සිදුකිරීමට ගිය අවස්ථාවේදී මෙම කළබලකාරී තත්ත්වය උද්ගතවූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින්ද බන්ධනාගාරය තුළ තිබූ, මානසික රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ ලබාගැනීම නිසා ඇතිවූ සිදුවීමක් යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින්ද සඳහන් කර තිබෙනවා. මෙම බන්ධනාගාරය මානසික රෝගීන්ට සඳහා වෙන්කර ඇති බන්ධනාගාරයක්දැයි විමසා සිටීමට අපට සිදුවනවා මේ අනුව.

එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ නව වැඩපිළිවෙල මේ වනවිට පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සකස් කරමින් තිබෙනවා. එම කටයුතු පිළිබඳ දිස්ත්‍රික් මට්ටමින් පළාත් පාලන නියෝජිතයින් දැනුවත් කිරීමට කටයුතු කරනවා. එහි පළමු පියවර පසුගියදා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වුනා.

එක්සත් ජාතික පක්ෂයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රිධූරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නම් කළද එම තීරණය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රතික්ෂේප කළා. එතුමා පාර්ලිමේන්තු නොයන්නේ නම් නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ඒ සඳහා නම් කර තිබෙනවා. ඉදිරියේදී තරුණ නායකයෙකුට පක්ෂය භාරදීමට කටයුතු කරන බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට