සත්‍යයේ පුවත් අඩහැරය….

වැරදි වසාගැනීම සඳහා විවිධ නාටක සහ රංගනයන් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා – සමගි ජන බලවේගය

Podu ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තුළින් සිදුවූවක් බව පවසමින් මහර බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සාධාරණීකරනය කිරීමට උත්සාහ කරමින් සිටින වත්මන් ආණ්ඩුව එම සිදුවීමෙහි වගකීම භාරගත යුතුව ඇති අතර එම ගැටුම සම්බන්ධයෙන් ලබාදෙන පිළිතුර කුමක්දැයි ආණ්ඩුවෙන් විමසා සිටින බව සමගි ජන බලවේගය අනාවරණය කර සිටියි. ඊයේ (02) කොළඹ, විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ මහතා මෙම අදහස් පළකරන ලදී.

එහිදී වැඩිදුරටත් සිය අදහස් පළකළ හේෂා විතානගේ මහතා පහත පරිදි කරුණු දක්වා සිටියේය.

රටේ සියළු ගැටළු විසඳිය හැකි විරුවෙකු ලෙස හඳුන්වමින් ජනතාව විසින් බලයට ගෙන ආ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පාලන කාලයට වසරක් ගෙවෙන මොහොතේ, ජාත්‍යන්තර කුමන්ත්‍රණයකට පහසුවෙන් මෙරටට පැමිණිය හැකි පරිසරයක් සකස්වී ඇති බවක් විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුව තුළදීම පැවසුවා. ආණ්ඩුව ෆේල් නෙවෙයි අතිවිශිෂ්ඨ ලෙස ෆේල් යනුවෙන් තමයි කිවහැක්කේ.

ආණ්ඩුව තුළ තමන්ව පැත්තකට තල්ලුවීම ගැන විමල් වීරවංශ මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ යම් දුකකින් සිටින බව අපි දන්නවා. මහර බන්ධනාගාරයේ ගැටුම පිළිබඳ පදනම් විරහිත ප්‍රකාශ සිදුකර ජනතා බුද්ධියට අවමන් නොකරන්න කියලා අපි විමල් වීරවංශ මහතාගෙන් ඉල්ලා සිටිනවා.

මහර බන්ධනාගාරය තුළ මීට පෙර කොරෝනා වසංගතය සම්බන්ධයෙන් විශාල අවදානමක් තිබුනේ නෑ. බන්ධනාගාරය තුළට කොරෝනා අවදානමක් පැමිණිය හැක්කේ එම නිලධාරීන් හරහා පමණයි. අනිවාර්යයෙන් පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්කර කොරෝනා වෛරසය ආසාදනයවී නොමැති බව අනාවරණය වුවහොත් පමණක් නව රැඳවියෙකු බන්ධනාගාරයට ඇතුළත් කළයුතු බවට නිකුත් කර තිබු චක්‍රලේඛය බැහැර කරමින් වියත් මඟ සංවිධානයේ සාමාජිකයෙකු වන, දේශපාලනයේ ඉහළින් සිටි බන්ධනාගාර බලධාරියෙකු ලෙස කටයුතු කරන වෛද්‍ය හේමන්ත රණසිංහ නැමැත්තා කිසිදු පදනමකින් තොරව වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 120 ක් මහර බන්ධානාගරයට රැගෙන ගොස් තිබෙනවා. ඉහත තත්ත්වය හමුවේ තමයි මහර බන්ධනාගාරයට කොරෝනා වෛරසය පැමිණියේ. එවැනි තත්ත්වයකදී එහි රැඳවියන් නොසන්සුන්වීම සාමාන්‍යයෙන් සිදුවන්නක්. රැඳවියන් වුනාට ඔවුනුත් මනුෂ්‍යයින්.

මහර බන්ධනාගාරය තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම මැඩලීමට ආණ්ඩුව දියත්කළ ක්‍රියාමාර්ග මොනවාදැයි මෙතෙක් හෙළිකරලා නෑ. අපට ඒ ගැන යම් සැකයක් මතුවනවා. පාස්කු ප්‍රහාරයේදී පැවති ආණ්ඩුව මත සියළු චෝදනා තැබූ එවක විපක්ෂය, මේ වනවිට බලයට පත්ව තිබෙනවා.

බුද්ධි අංශ තුළ උද්ගතවන ගැටළු විසඳිය හැකි බව පැවසූ වැඩකරන විරුවා තමයි දැන් රටේ නායකයා. ඉතින් මෙවැනි ගැටුමක් හටගන්නේ කෙසේදැයි විමසීමට සිදුවනවා. බන්ධනාගාර රැඳවියන් ආරක්ෂා කිරීමේ වගකීම වෙනස්කිරීම සඳහා ශක්තියක් පැමිණියේ කෙසේදැයි වෛද්‍ය හේමන්ත රණසිංහ නැමැත්තාගෙන් විමසනවා. මෙම සිදුවීම පිළිබඳ විවිධ ප්‍රකාශ සිදුකර ඇඟ බේරාගැනීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් එය වැරදි සහගතයි. ඒ අනුව මෙම ගැටුම්කාරී සිදුවීම් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්‍ෂණයක් සිදුකර සත්‍යය රටට හෙළිකළ යුතුයි. එම ගැටුමෙහි සත්‍යය තත්ත්වය වසන් කිරීමට ආණ්ඩුවේ ඔලමොට්ටල අමාත්‍යවරුන්ට ඉඩනොදිය යුතුයි.

ඉතිහාසය තුළ පැවති අගතිගාමීම අයවැය ලෙස මෙවර අයවැය පෙන්වාදිය හැකියි. ජනතාව පිළිබඳ කිසිදු අවධානයක් යොමුනොකළ අයවැයක් මේ අයවැය. මේ වනවිට කොරෝනා වසංගතය හේතුවෙන් 116 දෙනෙකු පමණ මියගොස් ඇති අතර ජනතාව අන්ත අසරණභාවයට පත්ව තිබෙනවා.

පසුගිය සතියක කාලය තුළ ලැබූ අධිකරණ තීන්දු දෙස අවධානය යොමුකළ විට දේශපාලන කරුණු සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ, ආණ්ඩුවට හිතැති පිරිස් නිදහස් වන අයුරු පෙනීයනවා. වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීමට උපකාර කළ මහා සංඝරත්නය පවා මේ වනවිට විමතියට පත්ව තිබෙනවා ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ.

මෙම මාධ්‍ය හමුව සඳහා සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතාද පහත පරිදි මාධ්‍ය වෙත සිය අදහස් පළකරන ලදී.

කුමන්ත්‍රණයක් යැයි පවසමින් මහර බන්ධනාගාරයේ සිදුවීම යටපත් කිරීමට උත්සාහ කරන, එක් පෙත්තකින් සිය පවුල් ජීවිතය නැතිකර ගත් විමල් වීරවංශ මහතා, රිවර්ස් පෙත්තෙන් සිය දේශපාලන ජීවිතය විනාශ කරගැනීමට කටයුතු කරමින් සිටිනවා. සිය වැරදි වසාගැනීම සඳහා විවිධ නාටක සහ රංගනයන් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. බන්ධනාගාරගතව සිටි රත්නපුර ප්‍රදේශයේ මන්ත්‍රිවරයෙකු පාර්ලිමේන්තුවට පැමිණිම තුළින් ආණ්ඩුව පිළිබඳ රට තුළ ඇතිවූ අප්‍රසන්නභාවය තුරන්කර ගැනීමට ගව ඝාතනය තහනම් කරන බව පවසමින් සිය කලු පැල්ලම වසා ගැනීමට ගවයින් භාවිතා කළ ආණ්ඩුව, බැසිල් රාජපක්ෂප මහතාව ඔහුට එරෙහි නඩුවකින් නිදහස් කරගැනීමෙන් ඇතිවූ කලුපැල්ලම වසාගැනීමට මෙලෙස රැඳවියන් මරාදැමුවේදැයි යන සැකය මතුවනවා.

සැමවිට ජාත්‍යන්තරයට අභියෝග කරන විමල් වීරවංශ මහතා ජනතාව නොමඟ යවා ඇති අතර බලය දුන් ජනතාවම අප්‍රසන්නභාවයෙන් සහ පිළිකුල් සහගත ලෙස ආණ්ඩුව හෙළාදකිමින් සිටිනවා.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට