මහර බන්ධනාගාර ගැටුමින් තුවාල ලබා රෝහල් ගතකළ රැඳවියෙකු රෝහලින් පැනයයි..
පසුගියදා මහර බන්ධනාගාරයේදී ඇතිවූ ගැටුමින් තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කරන ලද රැඳවියෙකු ඊයේ (02) රාත්‍රි කාලයේ රෝහලෙන් පලා ගොස් ඇති බව වාර්තා වේ. එම රැඳවියා සොයා මේ වන විට මෙහෙයුම් දියත් කර ඇති අතර මහර බන්ධනාගාරය තුළ පසුගියදා ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය රැඳවියන් 11 දෙනෙකු අතරින් 08 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ (02) තහවුරුවූ අතර තුවාල ලබූ රැඳවියන්ගෙන් 38 දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව මීට පෙර හඳුනාගන්නා ලදී.