සත්‍යයේ පුවත් අඩහැරය….

එල්ලීමට කිසිවක් නොමැති ආණ්ඩුව දැන් පැණි වැලේ එල්ලී සිටිනවා – සමගි ජන බලවේගය

Podu සෑම අංශයකින්ම අසමත්ව සිටින වත්මන් ආණ්ඩුව පැණි වැලේ එල්ලී, විපක්‍ෂයට චෝදනා කරමින් ජනතාව රවටා රට තුළ උද්ගතව තිබෙන ගැටළු වසන් කිරීමේ උත්සාහයක නිරතව සිටින බව සමගි ජන බලවේගය චෝදනා කර සිටියි.ඊයේ (16) කොළඹ, විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

ඒ මහතා මෙහිදී පහත පරිදි සියි අදහස් පළකර සිටියේය.

කොරෝනා වසංගත තත්ත්වය මර්දනය කිරීම සඳහා ලොව දියුණු රටවල් විවිධ එන්නත් ඇතුළු ඖෂධ නොමිලේ සිය ජනතාවට ලබාදීමට කටයුතු කරමින් සිටින තත්ත්වයකදී පැණියක් ගැන කතාබහක් මතුකරමින් මෙරට ජනතාව මුලාකිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. යම් යම් චෝදනා කර දේශීය වෙදකම සහ හෙළකම අපහසුතාවයට පත්කිරීමට අප කටයුතු කරන්නේ නෑ. කොරෝනා වෛරසය මර්දනය වන බව පැවසෙන පැණිය, මිනිස් ශරීරයට අහිතකර නොවන අහාරමය අතිරේකයක් බවට රජරට විශ්ව විද්‍යාලය විසින් අනුමත කර තිබෙනවා. ඒ අනුව වෛරසය ආසාදිත රෝගීන්ට මෙම පැණිය, ඖෂධය ලබාදීමට කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

නමුත් ආණ්ඩුව මෙය දේශපාලන මාතෘකාවක් බවට පත්කර ගැනීමේ උත්සාහයක තමයි නිරතව සිටින්නේ. ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල පිළිබඳ යළි කතාබහක් මතුව තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාදිතවී මියයන මුස්ලිම් ජනතාවගේ මෘත ශරීර ආදාහනය කිරීම සම්බන්ධයෙන් යම් ගැටළුවක් පැනනැඟ තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව එම මෘත දේහ ආදාහනය කිරීමට හෝ භූමදානය කිරීමට හැකිමුත් එම මෘත දේහ භූමදානය කළ නොහැකි බවට මෙරට තුළ තීන්දුවක් ගෙන තිබෙනවා. ලොව අන් කිසිදු රටක සිදුනොවන සුවිශේෂී තත්ත්වයක් ලෙස මෙය පෙන්වාදිය හැකියි. තනි සිංහල ආණ්ඩුවක් බව පෙන්වීම සඳහාත් මුස්ලිම් ජනතාව පීඩාවට පත්කිරීමට උත්සාහ කරන යම් කණ්ඩායමක අවශ්‍යතාවය වෙනුවෙනුත් වත්මන් ආණ්ඩුව මෙලෙස කටයුතු කරන බවට රට තුළ මතයක් ඇතිව තිබෙනවා.

පොලිතින් උරවලින් ආවරණය කර අදාළ මෘත දේහ භුමදානය කිරීමෙන් වෛරසය ව්‍යාප්තවීම පිළිබඳ ගැටළුවක් ඇති නොවන බව මෙරට මහාචාර්යවරයෙකු පවසා ඇති අතර මෘත දේහ භූමදාන කිරීමටත් වඩා ආසාදිතයින්ගේ මළ මුත්‍රා ඇතුළු ආසාදිත ද්‍රව්‍ය භූමියට එක්වන බැවින් එහිදී වෛරසය ශරීරගත නොවන්නේදැයි විමසීමට සිදුවනවා. මුස්ලිම් මෘත දේහ භුමදානය කිරීම සඳහා මෙරට ජනාධිපතිවරයා විසින් සුදුසු භූමි ප්‍රදේශයක් ඉල්ලා ඇතැයි මාලදිවයිනේ රජය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් විමසූවිට බලධාරීන් නිහඬයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ පවා නොසලකා යම් පිරිසකගේ අවශ්‍යතාවය මත පමණක් මෙලෙස කටයුතු කිරීම අමුතු සහගත තත්ත්වයක්. ශ්‍රී ලංකාව නැවත ගෝත්‍රික යුගයකට ගමන් කරමින් සිටින රටක් බව මෙමඟින් පෙනීයනවා.

ගාල්ල දිස්ත්‍රික්කය තුළ කොරෝනා අවදානම දිනෙන් දින වර්ධනය වෙමින් පවතින නමුත් සංචරණ සීමා පැනවීම ආදිය විද්‍යානුකූලව සිදුවන්නේ නෑ. ඒ සඳහා නිසි ක්‍රමවේදයක් දියත්කරන ලෙස අප ඉල්ලා සිටිනවා.

මෙරට ඉතිහාසයේ පළමුවරට අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය ගිනි ගැනීමකට ලක්වුනා. මීට පෙරත්ද මෙරට කච්චේරි, මාධ්‍ය ආයතන වැනි ආයතන ගිනිගත් ආකාරය අපට මතකයි. එසේ ගිනිගැනීමට හේතු කවරේදැයි පසුව අනාවරණය වුනා. ඉහත ගින්න, නඩු ඉක්මනින් විසඳීමේ ක්‍රමවේදයක්දැයි යන සැකය ජනතාව තුළ මතුව තිබෙනවා. ගිනි නිවන හමුදාව, පොලිසිය ඇතුළු පිරිස් විසින් ගින්න වහාම පාලනය කර නඩු තොරතුරු ආරක්ෂා කිරීමට කටයුතු කර තිබුනා. නඩු ඉක්මනින් අවසන් කරගැනීමේ අරමුණින් මෙම ගිනි තැබීම සිදුකළේ නම් මෙම ගිනි තැබීමෙන්ද වත්මන් ආණ්ඩුව ෆේල් බව පැවසිය හැකියි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් අධිකරණයේ පරිපාලනය සියතට ගැනීම මෙන්ම ආණ්ඩුවේ හිතවතුන් නඩු කටයුතු වලින් නිදහස් කරගැනීම ආදිය සමඟ මෙම ගිනිගැනීම සම්බන්ධ වන්නේදැයි සමාජය තුළ කතිකාවතක් ඇතිව තිබෙනවා. ගින්න පිළිබඳ සත්‍ය තොරතුරු නුදුරේදීම රටට හෙළිවේවි. දුර්දාන්ත පාලනයක් අවසන් කරමින් දින 52 ආණඩුවට එරෙහිව අධිකරණය තීන්දුවක් ලබාදුන්නේ 2018 දෙසැම්බර් මස 14 වනදාකයි. ශ්‍රේෂ්ඨාධිකරණය ගිනිගත්තේත් දෙසැම්බර් 14 වනදාකයි.

මේ වනවිට රට තුළ ඇත්තේ පක්ෂ නොවෙයි. ජනතා කඳවුරු දෙකක් පමණයි. ප්‍රජාතන්ත්‍රවාදයට, මානව නිදහසට, නීතියට ගරුකරන සහ මාධ්‍ය නිදහස අගයන, යහපත් සමාජයක් වෙනුවෙන් කැපවන පිරිසක් සිටින කඳවුර ඉන් එක් කඳවුරක්. අශිෂ්ඨ සමාජයක් සඳහා තමන්ට අවශ්‍ය ආකාරයට පමණක් කටයුතු කරන, ඒකාධිපතිත්වය අගයන, නිවැරදි වන්නේ ලොක්කා පවසන දේ පමණක් බව පිළිගන්නා වහල් සම්ප්‍රදාය අනුව කටයුතු කරන පිරිසක් සිටින කඳවුර අනෙක් කඳවුරයි. වත්මන් ආණ්ඩුව බලයට පත්කරවීම නිසා තමන් රැවටීමට ලක්වූ බව තේරුම් ගොස් ඇති නිසා ඉහත කඳවුරු දෙකින් රටටත් තමන්ටත් යහපත් කඳවුර තෝරාගැනීමට කටයුතු කළයුතුව ඇති බව අප ජනතාවට අවධාරණය කරනවා.

පවතින වසංගතය හමුවේ ජනතාවට සහන සැලසීම අත්හිටුවමින් රුපියල් කෝටි 7300 ක මුදලක් අයවැය තුළින් කප්පාදු කිරීමට කටයුතු කර ඇති නමුත් හෝටල් සහ සමාජ ශාලා සංවර්ධනයට කෝටි ගණනක මුදලක් වෙන්කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. ජනතාව පීඩාවට පත්ව ඇති මෙවැනි තත්ත්වයකදී ප්‍රමුඛතාවය ලබාදිය යුත්තේ හෝටල් සහ සමාජ ශාලා සංවර්ධනයටදැයි ආණ්ඩුවෙන් විමසා සිටිනවා.

කොරෝනා වෛරසය මර්ධනය කිරීමෙන් ලොව දෙවැනි ස්ථානයට පත්වූ බවට උදම් ඇනූ ශ්‍රී ලංකාව, වනාන්තර විනාශ කිරීමෙන් නුදුරේදීම ලොව පළමු ස්ථානයට පත්වන ලකුණු පෙන්නුම් කර තිබෙනවා. හුස්ම ගැනීමට ඔක්සිජන් අවශ්‍ය නැතැයි පැවසූ අමාත්‍යවරුන් සිටින ආණ්ඩුවකට පරිසරය රැකගැනීම පිළිබඳ කරුණු පැහැදිලි කිරීම ඉතා අපහසු කාර්යයක්.

ස්වාධීන කොමිෂන් සභා කෙරෙහි කිසිදු කැමැත්තක් නොදක්වන ප්‍රජාතන්ත්‍රවාදී නොවන වත්මන් ආණ්ඩුව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයින්ට බලපෑම් කර ඔවුන් ඉවත්කිරිමට කටයුතු කර තිබෙනවා. තමන්ට හිතැති පිරිස් ඒ සඳහා පත්කර සිය අවශ්‍යතා ඉටුකරගැනීම සඳහායි ආණ්ඩුව එලෙස කටයුතු කරන්නේ. මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස හිටපු අමාත්‍යවරයෙකු, හිටපු ආණ්ඩුකාරවරයෙකු මෙන්ම වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරයෙකුගේ පියෙකු පත්කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. මෙය නඩුත් හාමුදුරුවන්ගේ සහ බඩුත් හාමුදුරුවන්නේ වැනි තත්ත්වයක්.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා හිතවත් ව්‍යාපාරිකයින් පත්කරමින් රාජ්‍ය සේවය කෙළසීමට ආණ්ඩුඩව කටයුතු කර තිබෙනවා. පොලිස් කොමිෂන් සභාවේ තත්ත්වයත් එයමයි. 2015 ට පෙර පසුපසට ගමන්කර තිබූ, යහපාලන ආණ්ඩුව විසින් දැඩි අපහසුවකින් ඉදිරියට ගෙන ආ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස සහ මාධ්‍ය නිදහස ආපස්සට ගෙනයාමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතාද මෙහිදී මාධ්‍ය වෙත සිය අදහස් දක්වන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට