ප්‍රදේශ රැසකට අදත් වැසි..
අද දිනය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇතිවීමේ වැඩි ඉඩකඩක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව යන පළාත්වල ස්ථාන රැසක වැසි ඇතිවිය හැකි අතර අද රාත්‍රියේ සිට උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල මේ වනවිට පවතින වැසි තත්ත්වයේ යම් වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි. අද සවස 02.00 න් පමණ පසු සබරගමුව පළාතේ සහ කළුතර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග තවදුරටත් පවසයි.