සත්‍යයේ පුවත් අඩහැරය….

එක්දින තරඟාවලියේ ජයත් කොදෙව්වන්ට..

Podu ශ්‍රී ලංකාව සමඟ පැවත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (12) සමත් විය. ඒ දෙවන එක්දින ක්‍රිකට් තරඟය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විසින් කඩුළු 05 කින් ජයගැනීමෙනි. මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසනායේදී කඩුලු 08 ක් දැවී ලකුණු 273 ක් ලබාගත්තේය. එහිදී ධනුෂ්ක ගුණතිලක ලකුණු 96 ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 71 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වීය. වේගවත් පිතිහරඹයක නිරත වූ වනිදු හසරංග පන්දු 35 කදී ලකුණු 47ක් රැස් කළේය. පන්දුවාර 49.4 කදී කඩුලු 05 ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගැනීමට සමත්වූ බටහිර ඉන්දීය කොදෙව්වන් වෙනුවෙන් එවින් ලෙවිස් ලකුණු 103 ක් සහ ශායි හෝප් ලකුණු 84 ක් ලබාගන්නා ලදී. මේ අනුව දෙපිළ අතර පැවති විස්සයි විස්ස සහ එක්දින තරඟාවලි දෙකම ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තමත් විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට