සත්‍යයේ පුවත් අඩහැරය….

බංකොළොත්වී සිටින වත්මන් ආණ්ඩුව රටත් ජනතාවත් අසමත් කර අවසන් – සමගි ජන බලවේගය

Podu භාෂණයේ නිදහස සීමාකිරීමට උත්සාහ කරමින් සිටින වත්මන් ආණ්ඩුව, පසුගියදා සිරස රූපවාහිනී නාලිකාවේ විකාශයවූ ලක්‍ෂපති වැඩසටහනට සහභාගි වෙමින් සිංහරාජ වනාන්තරය තුළ සිදුවන පරිසර විනාශය පිළිබඳ අදහස් පළකළ භාග්‍යා දියණියගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පොලීසිය යැවීමට තරම් බංකොළොත්භාවයට පත්ව ඇති බව සමගි ජන බලවේගය පවසයි. අද (16) කොළඹ, විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා මෙම අදහස් පළකරන ලදී.

එහිදී වැඩිදුරටත් සිය අදහස් පළකල අලවතුවල මහතා –

ඊයේ කොළඹ හයිඩ් පාක් පිටියේදී ඉතා විශිෂ්ඨ සහ සාර්ථක ලෙස පැවති සමගි ජන බලවේගයේ පළමු සංවත්සර උත්සවයට පැමිණි සියළුදෙනාටම මෙන්ම එම කටයුතු සාර්ථක කරගැනීමට සහාය ලබාදුන් සියළුදෙනාම පක්ෂයක් ලෙස ගෞරවය සහ ස්තුතිය පළකරනවා.

පරිසරය කෙරෙහි සංවේදීව කටයුතු කරන බව පවසමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා කටවුට් සහ පෝස්ටර් පවා යොදා නොගත් වත්මන් ආණ්ඩුව, බලයට පැමිණි වහාම වැලි, පස් ප්‍රවාහනය සඳහා බලපත්‍ර අනවශ්‍ය බව ප්‍රකාශ කර මාස ගණනාවක් පුරා සිය හෙංචයියලාට වැලි සහ පස් ප්‍රවාහනය සඳහා අවස්ථාව ලබාදුන්නා. රට තුළ දැවැන්ත පරිසර විනාශයක් සිදුවන බව තමන් පිළිගන්නේ යැයි එහිදී පරිසර අමාත්‍යවරයා පවා පැවසුවා.

එවක ආණ්ඩුවේ වැඩපිළිවෙලට විරෝධය පළකරමින් හඬක් නැඟූ පිරිස් මර්දනය කිරීම සඳහා 2015 ට පෙර සුදු වෑන් සංස්කෘතියක් ක්‍රියාත්මක වූ අතර පසුගියදා කලු වෑන් රථයකින් පැහැරගෙන ගොස් පහරදීම නිසා මාධ්‍යවේදී සූජීව ගමගේ මහතා රෝහල්ගතව තිබෙනවා. ඒ අනුව සුදු වෑන් වෙනුවට කලු වෑන් කරළියට පැමිණ තිබෙන බව පැවසිය හැකියි. ජාතික ආරක්ෂාව සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන බව පවසමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව එම තත්ත්වයන් පිළිබඳ සොය බලන්නේ නෑ. මේ වනවිට රට තුළ සිදුවන අපරාධ වර්ධනය වෙමින් තිබෙන බැවින් භීතියට පත්ව ඇති ජනතාවට තම ආරක්ෂාව පිළිබඳ අවිශ්වාසයක් හටගෙන තිබෙනවා.

චීනය සමඟ යුවාන් බිලියන 10 ක මුදල් හුවමාරුවක් සිදුකරමින් සිටින ආණ්ඩුව, චීනය වැනි රටවලින් අධික පොළියට ණය ලබාගන්නවා. ඉහත මුදලට හුවමාරුව ලෙස මෙරටින් ලබාදෙන්නේ හෝ විකුණන්නේ කුමක්දැයි විමසනවා.

සීනි බදු වංචාව තුළින් රුපියල් බිලියන 15.9 ක් වැනි විශාල මුදලක් රටට අහිමිව ගොස් ඇතැයි මුදල් අමාත්‍යංශය විසින්ම පවසා සිටිනවා. මහබැංකු බැදුම්කර වංචාව පිළිබඳ වසර 05 ක් පුරා අදහස් පළකර බලයට පත්වූ වත්මන් ආණ්ඩුව, මේ වනවිට එම වංචාව සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් දියත්කර නැහැ.

2015 සිට 2019 දක්වා සිදුව ඇතැයි පැවසෙන මහබැංකු බැදුම්කර වංචාවෙන් සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 689 ක් බව ගණනය කර ඇතිමුත් ඊට සම්බන්ධ ආයතනය සතු රුපියල් කෝටි 1100 ක මුදලක් රඳවාගෙන ඇති බැවින් එම අලාභය අයකරගැනීමේ හැකියාවක් පවතිනවා. වත්මන් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කරන ලද 2007 සිට 2015 දක්වා සමය තුළ සිදුවූ විශාල මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳ කිසිවෙකු, කිසිදු අදහසක් පළකරන්නේ නෑ. එම අලාභයද අයකර ගන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

2020 වසරේ ජනවාරි සිට ඔක්තෝම්බර් මාසය දක්වා මෙරට සීනි අවශ්‍යතාවයෙන් 3.5% ක් පමණක් ගෙන්වූ නමුත් සීනි සඳහා වන බදු පහළ දමන බව සඳහන් කරමින් ඔක්තෝම්බර් මස 13 වනදා ගැසට් පත්‍රයක් නිකුත් කළ පසු මෙරට සීනි අවශ්‍යතාවයෙන් 60% ක ප්‍රමාණයක් මෙරටට ගෙන්වූ විල්මා ආයතනය, බදු පහළදැමීම පිළිබඳ කලින් දැනුවත්ව කටයුතු කර ඇති බව මනාව පැහැදිලි වනවා. නිසි පරීක්ෂසණයක් සිදුකර අහිමිවූ ආදායම යළි ලබාගැනීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. සීනි වංචාවට එරෙහිව ඉදිරියේදී විශාල වැඩපිළිවෙලක් දියත් කිරීමට බලාපොරොත්තු වන අතර මේ පිළිබඳ ජනතාව දැනුවත් කර සෑම මැතිවරණ කොට්ඨාශයකම උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමටද කටයුතු කරනවා.

වසංගත තත්ත්වය හමුවේ දැඩි පීඩාවකට පත්ව සිටින විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට පැමිණීමේදී නිරෝධායනය සඳහා යොමුකර ගසාගෙන කන තත්ත්වයක් ඇතිව තිබෙනවා. මෙරටට විශාලතම විදේශ විනිමය ආදායමක් උපයාදෙන විදෙස්ගත ශ්‍රමිකයින්ට සිය මව්රටට පැමිණීම සඳහා ආණ්ඩුව කිසිදු සහායක් ලබාදෙන්නේ නෑ.

පසුගියදා ඩුබායි රාජ්‍ය වෙත ගිය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා යළි දිවයිනට පැමිණීමට පෙර රාජ්‍ය තාන්ත්‍රික සහ රාජකාරීමය ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින් දිවයිනට පැමිණීමේදී සිය නිවස තුළම නිරෝධායනය වියහැකි බව සඳහන් කරමින් චක්‍රලේඛයක් නිකුත් වූවා. ඒ අනුව රටට විදේශ විනිමය උපයාදෙන ශ්‍රමිකයින්ට එක් නීතියක්ද රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින්ට වෙනත් නීතියක්ද ක්‍රියාත්මක වන බව පෙනීයනවා. මෙය දැඩි අසාධාරණයක්.

විදෙස්ගත මෙරට ශ්‍රමිකයින් දිවයිනට පැමිණීමේදී ගුවන් ප්‍රවේශ පත්‍රය හෝ නොමිලේ ලබාදෙන්නැයි මෙන්ම විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සතුව පවතින අරමුදල හෝ භාවිතාකර එම ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. සෑම අංශයකින්ම අසමත්භාවයට පත්වෙමින් ජනතාවද අසමත් කරවා ඇති වත්මන් ආණ්ඩුවේ ගමන් මඟ හේතුවෙන් රට තුළ ගැටළු රැසක් මතුවෙලා. මෙම වසර අවසාන වනවිට රට තුළ තවත් ආර්ථික ගැටළු රැසක් ඇතිවනු ඇති බවට අනතුරු අඟවනවා.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ද පහත පරිදි අදහස් දක්වන ලදී.

වසංගත තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටි විදෙස්ගත ශ්‍රමිකයින් මව්බිමට ගෙන්වා ගැනීමට ඒ ඒ රටවල් වහාම කටයුතු කළත් මෙරට ආණ්ඩුව එසේ අවශ්‍ය ක්‍රියාමාර්ග දියත් නොකිරීම නිසා විදෙස්ගත මෙරට ශ්‍රමිකයින් එම විදෙස් රටවල් තුළ දැඩි පීඩාවකට පත්ව සිටිනවා. සෞඛ්‍ය නීතීන්ට අනුකූලව මාර්තු 19 වනදා සවස 3.00 ට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට, උද්ඝෝෂණ සඳහා වෙන්කර තිබෙන ස්ථානයට රැස්වී ආණ්ඩුවේ මෙම දෙබිඩි වැඩපිළිවෙලට එරෙහිව මෙන්ම සූරාකෑම නවත්වා විදෙස්ගත ශ්‍රමිකයින්ට සාධාරණයක් ඉටුකරන ලෙස ආණ්ඩුවට බලකරනවා.

මෙරටට පැමිණෙන විදෙස්ගත ශ්‍රමිකයින් හට සිය නිවෙස්වල නිරෝධායනය වීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම පොදු ස්ථානයක් සකස් කර විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ එක්ව විදෙස්ගත ශ්‍රමිකයින්ට සිය ගම් වලදීම නොමිලේ නිරෝධායන පහසුකම් සැපයීමට සමගි ජන බලවේගය සූදානම්.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට