සත්‍යයේ පුවත් අඩහැරය….

තිරසර පරිසර කළමනාකරණයක් යනුවෙන් පවසමින් ආණ්ඩුව පරිසරය විනාශ කරනවා – සමගි ජන බලවේගය ..

Podu අද වන විට රට තුළ දැවැන්ත පරිසර හානියක් සිදුවෙමින් පවතින අතර සෞභාග්‍යයේ  දැක්මේ දස වැදෑරුම් ප්‍රතිපත්ති වලින් නව වන ප්‍රතිපත්තිය ලෙස තිරසර පරිසර කළමනාකරණයක් යනුවෙන් සඳහන් කර ඇති නිසා තිරසර යනුවෙන් සඳහන් වන්නේ අලිමංකඩ, ලෝක උරුමයන්, තෙත් බිම් නැතිනම් වල්ලපට්ටා වැනි දුර්ලභ ශාක කපා විනාශ කිරීමද යන්න විමසා සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න මහත්මිය විමසා සිටියි.ඊයේ (18) විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එතුමිය මේ බව පවසා සිටින ලදී. ලෝක උරුමයක් වන නකල්ස් රක්ෂිතයේ පිටවල පතනට පමණක් ආවේණික සතුන් සහ ශාක පවතින අධි සංවේදී පරිසර කලාපය තුළ මහවැලි අධිකාරියේ අවශ්‍යතාවය මත  සංචාරකයින් සඳහා පහසුකම් සැලසීමට යැයි පවසමින් යම් ඉදිකිරීමක් සිදුකරන අතර එවැනි පරිසර විනාශයන් පිළිබඳව අදහස් දක්වන විට එය දේශපාලනීකරණය කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරන බවද එතුමිය පැවසීය.

ලෝක උරුමයක මිනිස් ක්‍රියාකාරකම් සිදුවන්නේ නම් එය ලෝක උරුම නැමති සංකල්පයෙන් ඉවත්වන බවට ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ ලේකම්වරයා වන පුංචිනිලමේ මීගස්වත්තේ මහතා සඳහන් කර ඇති බැවින් ඉදිරියේදී එම තත්ත්වය මෙරටට අහිකර ලෙස බලපානු ඇති බවද එතුමිය පැවසීය.

වත්මන් ආණ්ඩුව 5/ 2001 චක්‍රලේඛය අහෝසි කිරීම තුලින් අවශේෂ වනාන්තර වෙනුවෙන් පැවති ආරක්‍ෂාව අහිමි වෙමින් මෙරට වනාන්තර සියල්ලක්ම පාහේ ගජ මිතුරන් අතට පත්වෙමින් පවතින බව වැඩිදුරටත් පැවසීය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට