ඉදිරි දින කිහිපය තුළ ප්‍රදේශ රැසකට වැසි..
අද (19) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී සබරගමුව, දකුණු, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල ස්ථාන කිහිපයක වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වලද අද පෙරවරුවේ වැසි ඇතිවනු ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. එමෙන්ම ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි.